දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සන්ධානයේ පක්ෂ වෙන වෙනම මැතිවරණ සටනට
Homeප්‍රවෘත්ති

සන්ධානයේ පක්ෂ වෙන වෙනම මැතිවරණ සටනට

PropellerAds

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ වෙන වෙනම තරග කිරීමට විධායක සභා රැස්වීමේදී තීන්දු කෙරුණු බව එක්ස...

"මධූෂ් අත්අඩංගුවට ගත් බවට තවමත් ඩුබායි රජයෙන් නිල දැනුවත් කිරීමක් නෑ" - රුවන්
මධුෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීමට සාකච්ඡා
පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් නව නීතියක්
සන්ධානයේ පක්ෂ වෙන වෙනම මැතිවරණ සටනට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ වෙන වෙනම තරග කිරීමට විධායක සභා රැස්වීමේදී තීන්දු කෙරුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විධායක සභාවේදී එම යෝජනාව ඉදිරිපත් කළ බවද මහින්ද අමරවීර මහතා කීය.

කෙසේ වෙතත් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළ බවද අමරවීර මහතා පැවැසීය.

මේ අතර ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආරුමුගම් තොණ්ඩමන් සහ ජාතික කොංග‍්‍රසය නියෝජනය කරන ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරුන් එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව රැස්වීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග‍්‍රසය, ජාතික කොංග‍්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඇතුළු සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සහභාගි වී ඇත.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ චරිත ඝාතන හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් තොර නිදහස් සහ සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් සියලූදෙනා කැපවිය යුතු බවය.

මෙවර මැතිවරණ ජයග‍්‍රහණය තීරණය වන්නේ අපේක්ෂකයන් මත වන බැවින් සන්ධානයේ සියලූ පක්ෂ පිරිසිදු සහ නිවැරදි දේශපාලන ගමනක් සහිත අපේක්ෂකයින් ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සන්ධානයේ පක්ෂ වෙන වෙනම මැතිවරණ සටනට
සන්ධානයේ පක්ෂ වෙන වෙනම මැතිවරණ සටනට
http://ift.tt/2jYanEv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_504.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_504.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy