අපේ සටන රට බෙදනවාට විරුද්ධව බවත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ පරාජය නොකළහොත් රටට දැඩි අභියෝගිකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ස...
අපේ සටන රට බෙදනවාට විරුද්ධව බවත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ පරාජය නොකළහොත් රටට දැඩි අභියෝගිකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගාල්ල ප්‍රදේශයේදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එහිදී හිටපු ආරක්ෂක ලේකම් මෙසේ අදහස් දැක්වීය.
“බලය බෙදීමක් ගැන කතා කරන්නේ මේ රටේ වෙනත් රාජ්‍යයක් ඇති කරන්න. සියයට 68කට වඩා වැඩි ප්‍රමාණයක් ජිවත් වෙන්නේ අනිත් ප්‍රදේශවල. මේ ප්‍රදේශයට පමණක් බලය බෙදීම තුළින් අපි කොහොමද එහෙනම් ඒ සියලුම දමිළ ජනතාවගේ ප්‍රශ්නෙට විසදුමක් සොයන්නේ. “එළිය” සංවිධානය ජාතිවාදී සංවිධානයක් හැටියට හංවඩු ගහන්න හදනවා. අපි සාහසිකයෝ නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ සෑම ජන කොසටකටම ගෞරවණිය ලෙස ජිවත් විය හැකි රටක් ඇති කිරීමටයි, රට බෙදනවාට විරුද්ධවයි. අපිට පුළුවන් පාර්ලිමේන්තුව තුළම මේ ව්‍යවස්ථාව ගෙන ඒම නවත්වන්න පුළුවන්. අපි මේක ජනමත විචාරයකට එන්න අවස්ථාව සැලසුවොත් එය පැරදුනත් අපි පරාදයි. දිනුවත් අපි පරාදයි. බහුතරයක් එක ව්‍යවස්ථාවකට ජන්දය දුන්නොත් එය ඔවුන්ට ඇති ජාත්‍යන්තරයට පෙන්වන්න. මේ ජන කොටස් වලට වෙනමම රාජ්‍යයක් අවශ්‍යයි කියන කාරණය.”
COMMENTS