දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් ඇගළුම් පොකුරක් පත්තු වෙයි.. 34කට කොරෝනා.. සේවකයන් හයදහසක් නිරෝධායනයේ !
Homeප්‍රවෘත්ති

තවත් ඇගළුම් පොකුරක් පත්තු වෙයි.. 34කට කොරෝනා.. සේවකයන් හයදහසක් නිරෝධායනයේ !

PropellerAds

හො රණ පිහිටි හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ. කලින් දිනයේ එම කර්මාන්ත ශාලාවෙන් එ...

16ට පෙර පාර්ලිමේන්තුව කැඳවයි - ගැසට් පත්‍රය සූදානම්
එස්.බී හා රංගේ බණ්ඩාර අතර සිදු වූ දුරකතන සංවාදය එළියට (VIDEO)
රතන හිමිගේ සහය ජනපතිට
හොරණ පිහිටි හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.

කලින් දිනයේ එම කර්මාන්ත ශාලාවෙන් එක් ආසාදිතයෙකු හමුවීමෙන් පසු සිදු කල පරීක්ෂණ වලින් මේ බව හෙළි වී ඇත.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් හයදහසක් පමණ සේවය කරයි.

ආසාදිතයන් හමු වීම හේතුවෙන් කර්මාන්ත ශාලාව වසා දමා සේවකයන් සියළු දෙනාම නිවෙස් නිරෝධායනයට යොමු කර ඇත.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සදහන් කරන්නේ මෙම කර්මාන්ත ශාලාවට වෛරසය පැමිණි ආකාරය හෙලි වී නැති බවයි.

මෙහි ආසාදිතයන් මිනුවන්ගොඩ හෝ පෑලියගොඩ පොකුරට සම්බන්ධ නැති බවත් ඔහු පැවසීය.

මේ ගැන එම කර්මාන්ත ශාලාවේ පරිපාලනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සේවා නියුක්තිකයන් පිරිසකට COVID-19 වැළඳී ඇති බව තහවුරු වීමත් සමග හොරණ බොඩිලයින් (පුද්.) සමාගම වහා නිසි පියවරයන් අනුගමනය කරයි.

MAS සමූහ ව්‍යාපාරය කවදත් සිය ප්‍රමුඛත්වය ලබාදෙනුයේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. හොරණ පිහිටි බොඩිලයින් කර්මාන්තශාලාවටද මෙය එලෙසම අදාළ වන අතර, ඒ වෙනුවෙන් දැඩි සෞඛ්‍ය හා ආරක්ෂි​ත ක්‍රමවේද එහි ක්‍රියාත්මක කර තිබේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සතිපතා එහි අධීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර, මිනුවන්ගොඩ COVID-19 පොකුර සම්බන්ධ තොරතුරු අනාවරණය වීමත් සමග අහඹු PCR පරීක්ෂණ 550 කට අධික සංඛ්‍යාවක්ද සිදුකරන ලදි. කර්මාන්තශාලාව තුළ COVID-19 ආසාදිතයන් සිටී නම් ඔවුන් කල්තබා හඳුනා ගැනීම මෙම සියලු ක්‍රියාමාර්ග වල අරමුණ විය.

මේ ආකාරයට සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණ මාලාවකදී, අපගේ සාමාජිකයෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනුණු බව, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් විසින් ඔක්තෝබර් 30 සිකුරාදා දින රාත්‍රියේදී අප වෙත දැනුම් දෙන ලදි. එ​ය තහවුරු කරගැනීමෙන් අනතුරුව බොඩිලයින් සමාගමේ කළමනාකාරීත්වය විසින් වහාම පහත සඳහන් පියවර ගනු ලැබිණි.

සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ පුවත තහවුරු කරනු ලැබීමෙන් අනතුරුව, ඔක්තෝබර් 31 සෙනසුරාදා දින රාත්‍රියේ සිට වහා ක්‍රියාත්මක වන පරිදි කර්මාන්තශාලාව වසා දැමීමට කළමනාකාරීත්වය පියවර ගත් අතර, අදාළ සාමාජිකයාගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ කටයුතු ආරම්භ කරන ලදි.

අදාළ සාමාජිකයා ඇසුරු කළ 200 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකරන ලද අතර, සෞඛ්‍ය බලධාරීන් සමග එක්වී ඔවුන් PCR පරීක්ෂණ වලට ලක්කිරීමට පියවර ගැනිණි.

මෙම සාමාජික සාමාජිකාවන් 200 දෙනා අතරින්, අදාළ පුද්ගලයාගේ සමීපතමයන් ලෙස හඳුනා ගන්නා ලද 145 දෙනෙකු PCR පරීක්ෂණ වලට ලක්කරන ලදි.

මේ ආකාරයට PCR පරීක්ෂණ වලට ලක්කළ 145 දෙනා අතරින් 34 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බව නොවැම්බර් 01 ඉරිදා දින තහවුරු විය.

ඒ අනුව, නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා දැමීමට කළමනාකාරීත්වය විසින් පියවර ගන්නා ලද අතර, සාමාජික සාමාජිකාවන් පුළුල් ලෙස PCR පරීක්ෂණ වලට ලක්කිරීම, කර්මාන්තශාලාව දැඩි ලෙස විෂබීජහරණය කිරීම සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි අවසරය ලැබීම යන පියවරයන් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් එය නැවත විවෘත කිරීමට කටයුතු කෙරෙනු ඇත.

අප මේ වනවිට හොරණ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ හා පොලිස් අංශ සමග සමීපව කටයුතු කරමින් සිටින අතර, ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමටත්, අපගේ කර්මාන්තශාලා මෙන්ම සමස්ත සමාජය තුළ COVID-19 රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගැනීමටත් අපි දිගින් දිගටම කටයුතු කරන්නෙමු.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් ඇගළුම් පොකුරක් පත්තු වෙයි.. 34කට කොරෝනා.. සේවකයන් හයදහසක් නිරෝධායනයේ !
තවත් ඇගළුම් පොකුරක් පත්තු වෙයි.. 34කට කොරෝනා.. සේවකයන් හයදහසක් නිරෝධායනයේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAmEdlFMiKfPxLEoEYSppZ7xHyuWZrO1R0kG13VWeY05gROEX5VJhDWJ6Qcz6UARPNGkmICosz_gK6_ozq0zV_CJy5OIRn7_8NXznj9545rRAD2tJ4YvFmk4qB00WnHD9sNFk3X6-iEH4/s320/457487.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAmEdlFMiKfPxLEoEYSppZ7xHyuWZrO1R0kG13VWeY05gROEX5VJhDWJ6Qcz6UARPNGkmICosz_gK6_ozq0zV_CJy5OIRn7_8NXznj9545rRAD2tJ4YvFmk4qB00WnHD9sNFk3X6-iEH4/s72-c/457487.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy