දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධාගමේ පදනම වන දාන සීල භාවනාවලින් නිවන් දැකිය නොහැක.
Homeප්‍රවෘත්ති

බුද්ධාගමේ පදනම වන දාන සීල භාවනාවලින් නිවන් දැකිය නොහැක.

PropellerAds

දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්ම චක්ඛ පවත්තන සූත්‍රයේ එක් වරක් පමණක් නොව දොළොස් වරක් සඳහන් කරති. එම කර...

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මහින්ද ගෝ ගම’ ඉදිවෙයි... තරුණයන් හට් අරන් එයි... රැය පහන් කරන්න සූදානම් (VIDEO)
බැරියර්වලට ඇණ ගහලා කොල්ලන්ට තුවාල කරන්න පොලිසිය කරපු කුප්ප වැඩේ ගැන නීතීඥ සංගමය වහා ප්‍රතිචාර දක්වයි!
බැසිල්ගේ අත්සන් 113ක් එකතු කිරීමේ ව්‍යාපෘතියත් අසාර්ථකයි… අත්සන් 50ටත් අඩුලු!
බුද්ධාගමේ පදනම වන දාන සීල භාවනාවලින් නිවන් දැකිය නොහැක.

දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්ම චක්ඛ පවත්තන සූත්‍රයේ එක් වරක් පමණක් නොව දොළොස් වරක් සඳහන් කරති. එම කරුණ දෙසා ඇත්තේ “පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු” යනුවෙනි. බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ඇමතූයේ මා දෙසන්ට යන්නේ ඔබලා “පෙර නොඇසූ දහමකි”. යනුවෙනි. ඔවුන් පෙර දැන සිටියේ තවුස් දම් රකිමින්, සීලය රකිමින්, භාවනා කරමින් අනුන්ගෙන් ආහාර යැපෙන ජීවන ක්‍රමයකි. එම ක්‍රමය නම් දාන, සීල, භාවනා හා පිණ්ඩපාතයයි. එය හින්දු ජෛන ආගම්වල මූලික පදනමයි. අවුරුදු 2100කට පෙර, එනම් බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 500කට පසු සෑදුණු බුද්ධාගමට බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ජිවන ක්‍රමයක් හින්දු හා ජෛන ආගම්වලින් ඇතුල් වී ඇත.

ආහාර, මුදල්, ඉඩකඩම්, සුඛෝපභෝගී වාහන පූජා කිරීමෙන් හොඳක් කොට ඉදිරියට නිවන් දැකිය හැක යන රැවටීමට අප ලංකාවේ ද මහජනයා හසු වී ඇත. නිවන මුදලට ගන්නා දෙයක් නොවන බව “ලද්ධා මුධා නිබ්බුතිං බුඤ්ඤමානා”. “නොමිලේ ලැබුණු නිවන (ආර්යයන්) අත්විඳින්නාහු ය.” යනුවෙන් රතන සූත්‍රයේ සඳහන් වේ. මෙහි යම්කිසි ක්‍රියාවකට ඵලයක් ලැබීමට බලාපොරොත්තුවෙන් යම්කිසි දෙයක් පූජා කිරීමෙන් ලැබිය හැකි බව අපට අසන්නට ලැබෙන නිසා මහජනයා රැවටුණු බව නොදැන මෙවැනි දේ කරති.

ආනිශංස බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍යතාවයට විරුද්ධ බව සාමාන්‍ය මහජනයා නොදනිති. අනිත්‍යතාවයෙන් කිසිම දෙයක් රැස්කොට, ගබඩා කළ නොහැක. අනිත්‍යතාවය යනු ඇති වී, සම්පූර්ණයෙන්ම නැති වී - කිසි ශේෂයක් ඉතිරි නොවන සේ - “අශේස නිරෝධෝ” - සිදුවන ක්‍රියාවකි. එහි කළ ක්‍රියාවල කිසිම දෙයක් තැන්පත් නොවේ. එය බුද්ධ ධම්මවල ස්වභාවයයි. මෙය නිවන් දැකීමේදී (සෝවාන් වීමේදී) ප්‍රඥා ඇසින් දකින සත්‍යතාවයකි. 

නැති අයට දානය දීම සමාජයේ හොඳ දෙයකි. ඇති අයට පෞද්ගලිකව දානය දීමෙන් (මුදල්, ආහාර ආදිය) තමන්ගේ ලෞකික ජීවිතයට කිසිම පලක් සිදු නොවේ. බොහෝ දෙනා එකක් දී දහසක් බලාපොරොත්තු වීම පිරිසිදු බුද්ධ පණිවුඩයට කරන අවමානයකි. බුදු දහමේ අනිත්‍යතාවයට කරන නින්දාවකි.

දාන, සීල, භාවනාවලින් තරවන්නේ “මම” යන අදහස ය. “මම” දානය දීමක්, සිල් ගැනීමක්, භාවනා කිරීමක් සිදු වේ. තවද දානයේදී හා සිල් ගැනීමේදී තව “කෙනෙකුත්” සම්බන්ධ වී බැඳී සිටින නමුත් බුද්ධ දේශනයේ එසේ “මම” කියා කෙනෙක් ඇත්තටම නැත. 

මීළඟ ලිපියෙන්, “දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?” යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. 

- වෛද්‍ය ගාමිනී අභය

පසු සම්බන්ධයි.

සබැඳි සටහන්

බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇතhttp://ift.tt/2xjgZCX;
බුද්ධ දර්ශනය 2- මාර්ග ඵල ලාභීන් බිහිනොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?http://ift.tt/2xqRGCZ
බුද්ධ දර්ශනය - 3 -  බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?http://ift.tt/2yOQOZ4
බුද්ධ දර්ශනය - 4 - බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?http://ift.tt/2zK6omd

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධාගමේ පදනම වන දාන සීල භාවනාවලින් නිවන් දැකිය නොහැක.
බුද්ධාගමේ පදනම වන දාන සීල භාවනාවලින් නිවන් දැකිය නොහැක.
http://ift.tt/2xjw9bh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_611.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_611.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy