දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහවැලි ගග බේරාගන්න ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එලියට බසී
Homeප්‍රවෘත්ති

මහවැලි ගග බේරාගන්න ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එලියට බසී

PropellerAds

කුණාමලය දිස්ත්‍රික්කයට අයත් සේරුවිල, මුතූර් ,වෙරුගල්  ආදී ප්‍රදේශවල ජීවිත දස දහස් ගණනාවක් වැලි ජාවාරම නිසා අනතුරට පත්ව ඇතැයි සිවිල් සංවිධා...

තවත් සංශෝධන දෙකක්.. පුංචි ඡන්දය බ‍්‍රහස්පතිගෙනුත් එහාට යයි..
මයන්ත දිසානායක ඉල්ලා අස්වෙයි!
මුජිබර්ට ඇමතිකමක් දෙන්න ජනපති අතවනයි
මහවැලි ගග බේරාගන්න ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එලියට බසී

කුණාමලය දිස්ත්‍රික්කයට අයත් සේරුවිල, මුතූර් ,වෙරුගල්  ආදී ප්‍රදේශවල ජීවිත දස දහස් ගණනාවක් වැලි ජාවාරම නිසා අනතුරට පත්ව ඇතැයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු  පවසති .

රාජ්‍ය නිලධාරීන්ගේ ආධාර අනුබල ඇතිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක මහවැලි ගඟේ මහා පරිමාණයෙන් වැලි ගොඩදැමීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතයට මෙන්ම පරිසරයට බාධා රැසක් එල්ලවී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් (30) දින දඹුල්ලේ දී පැවසීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  ගොවි සංවිධාන පරිසර සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන රැසක නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවේ දී තම ප්‍රදේශයේ ජනතාවට සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳව අදහස් දැක්වීම විශේෂත්වයකි.

"පාලකයෙකි සේරුවිල, මුතූර් ,වෙරුගල්, ජීවිත දස දහස් ගණනක් අනතුරේ මහවැලි ගඟේ පරිසර විනාසය වහා නවතනු", මැයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රදේශවලින් ගලායන මහවැලි ගඟ  වැලි කැනීම් නිසා මේ වන විට අඩි විස්සකට වඩා ගැඹුරට හෑරී ඇති බවය. එමෙන්ම ගොඩබිමට වඩා ගඟ ගැඹුරු වීම හේතුවෙන් ප්‍රදේශයේ වැව් අමුණු ළිං සිඳී යෑම නිසා ගොවිතැන් බත් සිදුකිරීමට සහ ජන ජීවිතයට බාධා එල්ල වී මුහුදු ජලය ළිංවලට එකතු වීමේ අවදානමක් මතුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම කිලෝමීටර් පහළොවක් පමණ දුර මහවැලි ගඟ දිගේ ලවණ මිශ්‍ර මුහුදු ජලය රට තුළට ඇතුළු වී ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

 මධ්‍යම පරිසර අධිකාරිය පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද සමීක්ෂණ වාර්තාවේ සඳහන් කොට ඇත්තේ මෙම ප්‍රදේශයේ වැලි ගොඩදැමීම නිසා උග්‍ර ජල හිඟයකට මෙන්ම ප්‍රදේශයේ කාන්තාර තත්ත්වයකට පත්වන බවට සටහන් තබා ඇති බවද හෙතෙම එම ලියකියවිලි මාධ්‍ය හමුවේ පෙන්වමින් අවධාරණය කිරීම ද විශේෂත්වයකි.

කන්තලේ ගොවි ව්‍යාපාර එකමුතුවේ සභාපති ඉන්දික පරනවිතාරන මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ කන්තලේ ගොවි ව්‍යාපාරයත්  අල්ල  ගොවි ව්‍යාපාරයත් මහවැලි ගඟ පදනම් කර ගෙන ඉදි කිරීමක් සිදු වූ බවත් මේ වනවිට මංකොල්ලකාරී වැලි ජාවාරම් කරුවන් නිසා එම ගොවි ව්‍යාපාර දෙකම විනාශ මුඛයට යන බව සඳහන් කළේය.

අල්ල  ගොවිජනතාව සුරැකීමේ සංවිධානයේ සභාපති තුෂාර ජයසූරිය මහතා කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය යුද්ධය තිබුණු කාලයේ මහවැලි ගඟ ඉතාමත් සුරක්ෂිතව පැවතුණු බවත් මේ වන විට එල්ටීටීඊ සංවිධානය පැවතිය ට වඩා විශාල වශයෙන් මහවැලි ගඟට හානිය සිදු කර ඇති බව හෙතෙම අවධාරණය කළේය. එමෙන්ම එල්ටීටීඊ යුද්ධය පැවති සමයේ මහවැලිගඟ තමන්ට ගලන්නට හැකි පරිදි ඉතා හොඳින් ගලා ගිය බවද හෙතෙම සඳහන් කළේය. නිලපොල  ගොවි සංවිධාන එකමුතුවේ සභාපති ඩබ්ලිව්. ඒ. කේ. පියසේන මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ වසර හැට පහකට වැඩි කාලයක් අල්ල    ව්‍යාපාරය පැවතුණු බවත් මේ වන විට එම ව්‍යාපාරය යලමහ වැඩ කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව යි. මෙම ජාවාරම සිදු කරනු ලබන්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන හිතවතුන් සහ දේශපාලනඥයන්ට උදව් දෙන පිරිස් බවත් ඔවුන් ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියට පත් කිරීම නිසා ජනතාව ඉදිරියට නොයන බවත් ඉදිරියට එන ජනතාවට විවිධ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණයට ඉදිරිපත් කොට සිරගත කිරීම් සිදුකරන බවද චෝදනා කළේය.

නිලපොල  ගොවි සංවිධානයේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදුණු කේ .එම් . ජයතිස්ස මහතා කතා කරමින් කියා සිටියේ තමන් ජනාධිපතිවරයාට ආරාධනා කරන බවත් කිසිවෙකුටත් නොකියා ගුවන් මගින් පැමිණ මෙම ප්‍රදේශය නිරීක්ෂණය කරන ලෙසය. එසේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට එය දුටුවහොත් සියදිවි හානිකරගැනීමේ තත්ත්වයට පත්විය හැකි බව හෙතෙම සඳහන් කළේ ය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහවැලි ගග බේරාගන්න ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එලියට බසී
මහවැලි ගග බේරාගන්න ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එලියට බසී
http://am.lk/media/k2/items/cache/8a1efe96dc5c5f702eed3d73a56e393c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_860.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_860.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy