කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ගේ ගමන් මලු නැතිවීම සම්බන්ධයෙන් ඉකුත් මාස තුනක කාලයකදී පැමිණිලි 75ක් ලැ...
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ගේ ගමන් මලු නැතිවීම සම්බන්ධයෙන් ඉකුත් මාස තුනක කාලයකදී පැමිණිලි 75ක් ලැබී ඇතැයි ගුවන් තොටුපළ පොලිසිය පවසයි.
ලද පැමිණිල්ලකට අනුව මැදපෙරදිග රටක සිට පසුගියදා (25) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් මගියෙකුට අයත් විදේශීය මුදල් සහ වටිනා දේපොළ තිබූ ගමන් මල්ලක් ගුවන්තොටුපළ (බැගේජ් බෙල්ට්) අසලදී නැතිවීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ ආරක්‍ෂිත කැමරා නිරීක්ෂණය කර එය රැගෙන ගිය පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කර ඇති බව ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ජයනාත් වනසිංහ මහතා පවසා සිටියේය.
කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානයක් ගොඩ බෑ පසුව මගීන් පැමිණ තමන්ට අයත් ගමන් මලු ලබා ගැනීමට පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටින අවස්ථාවන්හිදී ඇතැමෙකු විසින් අතපසුවිම හෝ හිතාමතා වෙනත් අයෙකුට අයත් ගමන් මලු රැගෙන ගුවන්තොටුපලින් පිටව ගොස් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව හෙතෙම පවසා සිටියේය.
මෙසේ නැතිවී ඇති වටිනා දේපොළ සහිත ගමන් මලු සොයා දීමට සහ දින 21 පසුව රක්ෂණ වන්දි ලබා ගැනීම් සම්බන්ධව ගුවන් සමාගම් සමඟ කටයුතු කිරීමේ දී ගැටළු මතුව ඇතැයි පොලිසිය පවසයි.
සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීම යන කරුණු මත අන් අයෙකුට අයත් ගමන් මලු හෝ දේපළ රැගෙන ගොස් ඇති සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් පුද්ගලයන්ට නඩු පවරා ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියහ.
COMMENTS