ආණ්ඩුවේ ඇමැති ධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අ...
ආණ්ඩුවේ ඇමැති ධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (27) ලියක් භාර දී තිබේ.
ඒ අනුව, ලබන 8 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසියේ සිට විපක්ෂයේ අසුන් ගෙන කටයුතු කරන බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ලිපිය භාරදීමේ අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව තිබේ.
මේ අතර පසුගිය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්මේන්තු මන්ත්‍රීවරු 16 දෙනා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟම ඒකාබද්ධ විපක්ෂය තවත් පුළුල් වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ නිවසේදී මාධ්‍යවේදීන් අමතමිනි.
වත්මන් ආණ්ඩුවට රටේ සම්පත් විකුණාගෙන කෑමට වඩා වැඩි යමක් කිරීමට නොහැකි බව එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS