දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිරසට එරෙහිව තුසිත හල්ලොලුවගෙන් පැමිණිල්ලක්.
Homeගොසිප්

සිරසට එරෙහිව තුසිත හල්ලොලුවගෙන් පැමිණිල්ලක්.

PropellerAds

තුසිත හල්ලොලුව මහතා විසින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ සිරස රූපවාහිනිය   පුද්ගලික අරමුණු මත මාධ්‍ය...

කෝප් කමිටුවේදී රෙදි ගැලවෙන ඇමති බිරිය (සඳුදා කාටූන්)
හිරුණිකා නැවත සාධාරණය ඉල්ලයි
කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවා අභිරහස් ලෙස කාමරයේ මියගිහින්


තුසිත හල්ලොලුව මහතා විසින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ සිරස රූපවාහිනිය   පුද්ගලික අරමුණු මත මාධ්‍යය අවභාවිතා කරන බව දන්වමින්ය.

සිරස රූපවාහිනියේ ප්‍රවෘත්තිමය බංකොලොත්භාවයේ තරම පෙන්වමින්  ‘‘සිරස’’  2018. 07. 30 දින සිය ප්‍රධාන පුවතට අතිශය සාවද්‍ය කරුණක් මත තමන්ට  චෝදනා කරමින් ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇති බවත් මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව සාතිශය ප්‍රාථමික තත්ත්ව හෝ නොසලකා හරිමින් ගොතන ලද එකී පුවත තුළ වෙනත් යටි අරමුණක් ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. 

එසේම එම ලිඛිත පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කිලී මහාරාජා සහ එහි ප්‍රධාන විධායක ෂෙවාන් ඩැනියල් විසින් සිරසේ ඇහැට කනට පේන මාධ්‍යවේදිනියක් ඉත්තා කරවා තමන්ට බලපෑම් කළ බවත් එය වැරදී ගිය පසුව තමාට සිරස මාධ්‍ය විසින් මඩ ගසන බවත් ය.

හල්ලොලුව මහතා විසින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට කරන ලද ලිඛිත පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දැක්වේ. 

2018 අගෝස්තු 01
සභාපති,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,
කොළඹ.

පුද්ගලික අරමුණු මත මාධ්‍යය අවභාවිතා කිරීම සම්බන්ධවයි

ස්වකීය ප්‍රවෘත්තිමය බංකොලොත්භාවයේ තරම මොනවට පසක් කරමින් ‘‘සිරස’’  2018. 07. 30 දින සිය ප්‍රධාන පුවතට අතිශය සාවද්‍ය කරුණක් මත ම’වෙත චෝදනා කරමින් ප්‍රවෘත්තියක් නිර්මාණය කර තිබිණි. පළමුවෙන ම එකී ප්‍රවෘත්තිය හුදෙක් ද්වේශසහගත අවලාදයක් බවත්, ඉන් එහා එහි කිසිවක් ම නැති බවත් පවසනු කැමැත්තෙමි. මාධ්‍යය ආචාර ධර්මය පිළිබඳව සාතිශය ප්‍රාථමික තත්ත්ව හෝ නොසලකා හරිමින් ගොතන ලද එකී පුවත තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි කියා නොදන්නෙමි. එහෙත් කිසියම් අරමුණක් නැතිව ඔවුන් එවැන්නක් කරන්නේ නැත. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරනු වටී.

වර්ණකුමාර නැමැත්තෙක් කඩවත පොලිසියේ සුළු පැමිණිළි අංශයට කරන ලද පැමිණිල්ලක් පාදක කරගෙන ‘‘සිරස’’ මාධ්‍යය ආයතනයට ‘‘ලීඩ්’’ එකක් ලැබී ඇත. සිරස කියන පරිදි වර්ණකුමාර නැමැත්තා පැමිණිලිකර තිබෙන්නේ මට එරෙහිව ය. එවැනි පැමිණිල්ලක් තිබේදැයි කඩවත පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් මා විමසන විට ඔහු කියන්නේ එවැන්නක් නැති බවය.

ටික වේලාවකට පසු ඔහු නැවත කියා සිටින්නේ ‘‘සුළු පැමිණිලි' අංශයට එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බව ය. පැමිණිල්ල ප්‍රකාරව සටහන්ව තිබෙන්නේ යුළලක් ඔවුනගේ නිවසට පැමිණ වර්ණකුමාරව සෙවූ බවත්, එසේ සොයනු ලැබුවේ ම’විසින් යොදවන ලද යුවළක් යැයි සැක සිතෙන බවත් ය. ‘‘සිරසට’’ ප්‍රධාන ‘‘සිරස’’ වූයේ මේ සිදුවීම ය.

මේ පැමිණිල්ල සහමුලින්ම විකාරයකි. නින්දෙන් හීනයක් දැක, ඒ හීනයෙන් දුටු මිනිසාව පොලිසියට අල්ලා දීමට යන අන්දමේ ‘‘මන්ද මානසික’’ ව්‍යාධියකට ප්‍රතිකාර තිබෙනවා ද කියා මා දන්නේ නැත. තිබෙනවානම් නොවලහා ඊට ප්‍රතිකාර කළ යුතු ය. ඊටත් වඩා මෙවැනි විසුළු උලුප්පමින් ප්‍රවෘත්ති වාරතොකරණය කරමින් සිදුකරන මාධ්‍යය සදාචාරය පාදඩකරණය කරන්නන් ගැන අවබෝධයෙන් සිටිය යුතු ය. මුද්‍රිත අකුරු ගැනත්, ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ගැනත් ජන සමාජයේ කිසියම් විශ්වාසයක් පවතී. එය දඩමීමා කරගෙන උතුම් මාධ්‍යය ස්වකීය තිරස්චීන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නේනම් එය නින්දා සහගත වරදකි.

මාධ්‍යය භූමිකාව සහ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව ‘‘සලකුණු’’ තැබූ ඉතිහාසයක් සිරසට තිබූ බව සැබවි. එහෙත් පුද්ගලික පටු අරමුණු වෙනුවෙන් මාධ්‍යකරණය යොදාගෙන සිරස ස්වකීය භූමිකාව කෙලෙසාගෙන ඇත. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන, ජනතාවට අයිති විද්‍යුත් තරංගමාලා ස්වකීය පටු අරමුණු වෙනුවෙන් යොදා ගැනීම පිළිකුල්සහගත ය.

එක්තරා පෞද්ගලික කාරණාවක් මත සිදු වූ පැමිණිල්ලක් පසුපස හඹා යන සිරසට සිය ‘‘ප්‍රධාන’’ සිරස්තල කරගන්නට හැකි කාරණා කිහිපයක් පිළිබඳව ඉඟි ලබා දීමට අප අපේක්ෂා කරන්නේ අනෙකාගේ ඇසේ රොඩු සොයන්නට පෙර තමන්ගේ ඇසේ පරාලය සොයාගැනීම පහසු වෙතැයි සිතා ය.

නිවෙසට පැමිණ විමසා ගිය පළියට ඊට කිසිසේත් අදාළ නැති හිතලුවක් පමණක් වූ මාව එහි වග උත්තරකරුවෙකු කර කරන ලද පැමිණිල්ල සහමුලින්ම ද්වේශ සහගත ය. පැමිණි පිරිස තර්ජනය කළාද? කිසියම් පීඩාවක් සිදු කළාද? මා ඊට ඈදා ගැනීමට හේතු කවරේද? කිසියම් සැක කටයුතු බවක් වේනම් පැමිණි අයගේ හැඳුනුම්පත් හෝ ඉල්ලන්නට නොසිතුණේ ඇයි?

කඩවත පොලිසියේ සිදු කළාය කියන ‘‘සුළු පැමිණිල්ල’’ සම්බන්ධව මෙවැනි ප්‍රශ්න රැසකි.

එහෙත් ‘‘පුද්ගලයෙකුට’’ පහර දීමට කරුණු තැනීමේ ඒකායන වුවමනාව මත කටයුතු කරන ‘‘සිරස’’ මෙකී සිදුවීම කදිමට යොදා ගනී.

මේ සාවද්‍ය ප්‍රවෘත්ති නිර්මාණය පෞද්ගලික පළිගැනීමක් බව එකහෙලා සඳහන් කරමි. මෙය සිරස' හිමිකරු කිලී මහරාජාගේ ඒකායන වුවමනාව මත සිදුවන්නකි. බාල වර්ගයේ ‘‘බයිස්කෝප්’’ කතාවක ස්වරූපයෙන් එහි තිර නාටකය ඔවුන් ලියමින් සිටී.

මේ කෝන්තරය කලක සිට එන්නකි. කිලී මහරාජාගේ මැදිහත්වීමෙන් රුසියාවෙන් ගෙන්වීමට සූදානම් වූ නැව පිළිබඳව වූ තොරතුරු මාධ්‍යයට නිරාවරණය වූයේ මා නිසා යැයි ඔවුන් විශ්වාස කරයි.  ඒ අනුව ඔහුගේ අනුදැනුම මත කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සේවය කරන එක්තරා සේවිකාවක් මා හමුවීමට එවීය. සමාජ ජාල මුහුණු පොත හරහා මිතුරු ඉල්ලීමක් යොමුකොට ඒ හරහා සබඳතාවයක් ගොඩ නඟා ගන්නට එකී මාධ්‍යවේදිනිය යොමු කරවූයේ සිරස පාලනාධිකාරය බව නොරහසකි. මා පුද්ගලිකව හමුවීමට අවස්ථා කිහිපයකම ඈ උත්සාහ කළ අතර ප්‍රථම මෙන්ම අවසන් වරට අප සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඉදිරිපස ලොබියේදී පමණක් හමුවීමට මම එකඟ වීමි.  එය ද අදාළ කාන්තාවගේ බලවත් පෙරැත්තය නිසාය. එහිදී ඈ ඉල්ලා සිටියේ ‘අපේ බොස්ව මිනිත්තු 10ට හෝ හමුවන්න’ කියාය. මම ඊට එකඟ නොවූ  අතර, ඈ කීවේ එසේනම් ‘‘ෂෙවාන් ඩැනියෙල්’’ හමුවෙමු කියා ය. ඊට ද මගේ ප්‍රතිචාරය වූයේ ‘‘කෙසේවත් බෑ’’ යන්න පමණි.

අනතුරුව ඈ මගෙන් ‘‘රුසියන් නැව’’ පිළිබඳව තොරතුරු විමසුවාය. දිගින් දිගටම ඈ ඒ ගැන විමසූ කල්හි මා පැවසුවේ ‘ඔබ දන්න දේ පමණයි මාත් දන්නේ’ යනුවෙනි. අනෙක් කාරණය වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම ලබා ගැනීමට අයථා ක්‍රම හරහා ගත් උත්සාහ ව්‍යර්ථ වී මද මේ පහරදීමට තවත් හේතුවකි. එහෙත් අද කිසිදු සාධනීය හේතුවක් නැතිව අප ඉලක්ක කරගෙන පහර දෙන සිරසට යමක් මතක් කරනු යෙහෙකි.

ඒ ස්වකීය පෞද්ගලික ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් සිය ආයතනයේ සේවය කරන නිලධාරිනියන් ද යොදාගෙන නටන නාඩගමේ ‘‘සැබෑ චිත්‍රපට කතාව’’ බොහෝ අවලස්සන බවය. ඉහත කී නිලධාරිනිය මා වෙත එවන ලද කෙටි පණිවිඩ සියල්ල මා සතුව සුරක්ෂිතව තිබේ. මම මාධ්‍යය සදාචාරයට ගරු කරමි. පෞද්ගලිකත්වයට ද ගරු කරමි. එකී ගරුකිරීම් සිරස වෙතින් බලාපොරොත්තු වන්නට අපේක්ෂාවක් නැත. එහෙත් පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් මාධ්‍යකරණයෙහි යෙදී සිරස ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ අවස්ථා කොතෙකුත් වේ. සිරස විසින් ඔසවා තැබූ පිරිස් පරාජයත් සිරස විසින් පාගා දැමූ පිරිස් ජයග්‍රහණත් ලැබූ අවස්ථා මෑත කාලීනව බෙහෙවින් දක්නට ලැබිණ.

මාධ්‍ය නිදහස උපරිමව ලබාදෙන රටක එකී නිදහස වල්බූරු නිදහසක් බවට පත්කර ගැනීම සම්බන්ධව අප කණගාටු වෙමු. එය ස්වකීය පුද්ගලික අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට ඉඩ ලබා නොදීම පිළිබඳව වියරු වැටී පුද්ගලයන්ට පහරදීම දක්වා රැගෙන යන්නේ නම් එය බලවත් අවාසනාවකි. ඔබේ නිදහසේ සීමාව අනෙකාගේ නාසය සමීපයෙන් කෙළවර වේ යන්න බොහෝ දෙනෙකුට අමතකය. 

ප්‍රවෘත්ති යනු පුද්ගලික න්‍යාය පත්‍ර මත පදනම්ව සිදු කරන අවලාද නැගීමක් නම් එවන් නාලිකාවක ගුවන් කාලය මොනතරම් ‘‘අවභාවිතා’’ කිරීමක්ද? මේ සංඛ්‍යාත වෙනුවෙන් ජනතාව ලබා දෙන බදු මුදල් සිරස ස්වකීය පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වෙන් කිරීම මොනතරම් සාපරාධයක්ද? කතා කරන්නට, වාර්තා කරන්නට ඕනෑ තරම් දේ තිබිය දී, තමන්ට සිදු වූ ව්‍යාපාරික අහිමි වීම පදනම් කරගෙන  මුව හම් වලට තඩිබෑම මොනතරම් අවාසනාවක්ද?

‘‘සිරස’’ පාර කියන බව කීවාට, ඒ පාරේ ගියොත් සිදුවන වින්නැහිය සිරසේ ම නිලධාරිනියගේ හැසිරීමෙන් සිතා ගන්නට පිළිවන් බව පමණක් අවසන් වශයෙන් සිහිපත් කරමු. මාධ්‍යකරණය සහ ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධව සිරස තරම් මහප්‍රාණ අප නොදන්නා බව සැබැවි. එහෙත් යථාර්ථය සහ මිථ්‍යාව අතර වෙනසත් මාධ්‍යකරණය සම්බන්ධව කිසියම් දැනුවත්භාවයකුත් පුරවැසියෙකු ලෙස මා සතුව පවතී. ඒ දැනුවත්භාවය මේ සිදුවීමේදී ප්‍රයෝජනයට ගන්නට සිදු වුවහොත් ඒ පිළිබඳ දෙවරක් කල්පනා නොකරමු. සියල්ලට වඩා වටින්නේ මිනිසෙකුගේ හෘද සාක්ෂියේ නිර්දෝෂීභාවය යි. ඒ සමඟ සෙල්ලම් කරන්නන් හෙළිදරව් කිරීම සමාජ වගකීමක් ලෙස සලකමි.

මීට,

අත්සන් කෙළේ
තුසිත හල්ලොලුව

පිටපත් ;
ආර්. රාජමහේන්ද්‍රන් මහතා,
මහරාජා සමූහ ව්‍යාපාරය,
බේබෘක් පෙදෙස,
කොළඹ 02.

Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරසට එරෙහිව තුසිත හල්ලොලුවගෙන් පැමිණිල්ලක්.
සිරසට එරෙහිව තුසිත හල්ලොලුවගෙන් පැමිණිල්ලක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvBpnP1m2Z1rkvBGNrXUkPFtRPizVD5L2DnA0atbVc0Kt3K1INMPZQzthkG2GIZZwVf8V9pgFeXo7NzIjCjM4f6r-1k0qWwyK08Rf87262ofTWc6bLsd6VZ7gG7pVE76gvqrmVOLK9ZPe6/s1600/Thusitha-Haloluwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvBpnP1m2Z1rkvBGNrXUkPFtRPizVD5L2DnA0atbVc0Kt3K1INMPZQzthkG2GIZZwVf8V9pgFeXo7NzIjCjM4f6r-1k0qWwyK08Rf87262ofTWc6bLsd6VZ7gG7pVE76gvqrmVOLK9ZPe6/s72-c/Thusitha-Haloluwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy