කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවා අභිරහස් ලෙස කාමරයේ මියගිහින් කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය සිසුවෙකු අභිරහස් ලෙස මියගොස...
කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවා
අභිරහස් ලෙස කාමරයේ මියගිහින්
කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී අද දහවල් එම ශිෂ්‍ය නේවාසිකාගාර කාමරයේදී හමුවී තිබෙනවා.
කොළඹ නොරිස් කැනෑල් පාරේ පිහිටි වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඔහු සමග නවාතැන්ගෙන සිටි මිතුරන්ට ඔහුව දින කිහිපයකින් දකින්ට ලැබී නැති අතර අද දහවල් ඔහු සිටි 96 වන කාමරය තුළින් දුගඳක් වහනයවීම නිසා
සැක සිතී පරීක්ෂා කිරීමේදී ඔහු එම කාමරයේ සයනය මත මියගොස් සිටි අයුරු
ඔහුගේ සිරුර ආසන්නයේ සේලයින් බෝතල් 10 ක් හා කුඩා කුප්පියක්ද ඔහු අවසන් වරට ලියා තැබූ සටහනක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඔහුගේ සටහනේ සඳහන් දෑ අනුව ඔහු සිදුකරගෙන ඇත්තේ සිය දිවිනසාගැනීමක් විය හැකි බව පොලිසිය සැක පළ කර තිබේ.
ඔහුට වෛද්‍ය පීඨයේ අවසන් විභාග සමත් කරගන්නට බැරිව අවස්ථා කිහිපයකදීම නැවත නැවත කරන්නට සිදුවීම නිසා චිත්ත පීඩාවකින් කල්ගෙවූ බවද වාර්තාවේ.
දීර්ඝ කාලයක සිට කිසියම් රෝගයකින්ද ඔහු පීඩා විඳි අයෙකු බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
මිය ගිය ශිෂ්‍යයා වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 27 හැවිරිදි පාරින්ද සෙනවිරත්න නැමැත්තෙකි. ඔහු බිබිල යලකුඹුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මළ සිරුර පිළිබඳ පශ්චාත් පරීක්ෂණ කරන්නට නියමිතව තිබේ.
COMMENTS