පා ර්ලිමේන්තුවේ කඩිමුඩියේ සම්මත කරනු ලැබු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමේදී එහි අඩුපාඩු සහ දේශපාලන අස්ථාවරභාවයට තුඩු දෙන වගන්ති...
පාර්ලිමේන්තුවේ කඩිමුඩියේ සම්මත කරනු ලැබු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමේදී එහි අඩුපාඩු සහ දේශපාලන අස්ථාවරභාවයට තුඩු දෙන වගන්ති බොහොමයක් ඇති බවත්,එම නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නැවත සමාලෝචනය කර අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකලේ නාවල ඒ මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පොඩි එකාගේ ලියුම වගේ අඩුපාඩු ගොඩක් තිබෙන ව්‍යවස්ථා සශෝධනයක්.විධායක සතු බලතල ප්‍රමාණයක් ව්‍යවස්ථාදායකය වෙත හුවමාරු කිරීමේ පරමාර්ථය ඇතුව තමයි මෙම සංශෝධනය ගෙන ආවේ. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයක් ජයගැනීමට නොහැකි නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව මැතිවරණයට ඉදිරිපත් කරලා එතුමා ජයගත්තහම උපක්‍රමිකව ඔහුගේ බලතල අගමැති යටතට ගැනීමේ ව්‍යායාමයක ප්‍රතිඵල තමයි දැන් අපි භුක්ති විදින්නේ.රට තුළ පසුගිය කාලය පුරාවට දේශපාලන අස්ථාවර භාවයක් තිබුණා.එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක්, ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට ඇති අයිතිය මේ සංශෝධනය මගින් වසර හතරහමාර දක්වා දීර්ඝ කරනු ලැබුවා.පාර්ලිමේන්තු කාල සීමාවම අවුරුදු පහයි.කොතරම් දූෂිතව වංචා සහගතව රටට හානිදායක ලෙස ආණ්ඩුවක් කටයුතු කලත් ආණ්ඩුව දිගටම තියෙනවා.පසුගිය කාලය තුල සිදු වුනේ එවැන්නක්.එම නිසා මෙම කාල සීමාව වසර දෙක දක්වා සංශෝධනය විය යුතු බවයි මගේ නම් පෞද්ගලික අදහස.අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින්,
19 වෙනි සංශෝධනයට අනුව අගමැතිතුමා නිර්දේශ කරන අය තමයි කැබිනට් එකට ජනාධිපතිවරයා විසින් පත්කල යුත්තේ.නමුත් දේශපාලනික වශයෙන් ප්‍රතිවිරුද්ධ අදහස් ඇති පුද්ගලයන් දෙදෙනෙකු බලයේ සිටි පසුගිය කාල සීමාව තුළ අමාත්‍ය මණ්ඩලය පත්කර ගැනීමට කොතරම් කාලයක් ගියාද ?.අගමැතිතුමා නිර්දේශ කරන යවන නම් ජනාධිපතිතුමා අත්සන් කරන්නේ නැති තත්වයක් අපි දැක්කා.ඒක නිසා රට තුළ විශාල ව්‍යාකූලතාවයක් ඇතිවුණා.ඒ වගේම තමයි ස්වාධීන කොමිෂන් සභා. රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ස්වධීන කොමිෂන් සභා අවශ්‍යයි.නමුත් අපේ රටේ එම කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කිරීමේ ක්‍රමවේදය ගැටළු සහගතයි.අපක්ෂපාති සුදුසුම පුද්ගලයා එම තනතුරු වලට පත්වෙනවද කියන ප්‍රශ්නය වගේම එම ආයතන ඇත්තටම ස්වාධීනද කියන ප්‍රශ්නය අපිට වගේම රටේ ජනතාවට තිබෙනවා.පොලිස්පති ලෙස පසුගිය කාලයේ පත්වුණු පුද්ගලයා රටේ ආරක්ෂාව සම්බන්ධව වගකීම් විරහිතව කටයුතු කිරීමේ චෝදනාවට දැන් රක්ෂිත බන්ධනාගාරගත කරලා.ඒක නිසා ජනාධිපතිතුමාගේ අදහසත් 19 වෙනි සංශෝධනය නැවත සලකා බැලීමටයි.ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමතිතුමත් මේ සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුණා.ඒක නිසා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලැබුනොත් රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් අපිට සිදු කර ගත හැකියි.අමාත්‍යවරයා පැවසීය.
– ධම්මික තිලකරත්න

COMMENTS