සිරගත නොවි බේරී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපකාර කර ඇතැයි වාරිමාර්ග, ජල කළමනාකරණ...
සිරගත නොවි බේරී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපකාර කර ඇතැයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
පුත්තලම, ආණමඩුව සිරම්බිඅඩිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත උදාගම්මානය සඳහා මුල්ගල තබමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (19) පැවැසීය.
ඔහු පෙන්වා දෙන්නේ නීති විරෝධී විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කිරීම සිර දඩුවම් ලැබිය හැකි වරදක් බවත් මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා විසින් ගෙන එන ලද නීතියට අනුව එම වරදට ඇප ලබා දිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවැසීය.
වරදට අදාල නඩුව අවසන් වනතුරු සිර දඩුවම් විදින්නට සිදුවන නමුත් විමල් වීරවංශ මහතාට පමණක් එම නීතිය ක්‍රියාත්මක නොවුනු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“නිවාස ඉඩම් අයිතිය දුප්පත් ජනතාවට නොලැබුණු යුුගයක් තිබුණා. ඒ කාලේ ඒවා ලැබුණෙ එවකට නිවාස ඇමැතිගේ හිතවතුන්ට පමණයි. ඒ යුගය අපි වෙනස් කළා. අද යහපාලනය යටතේ ජනතාවට ප‍්‍රතිලාභ හිමිවන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. විමල් වීරවංශයේ නෝනා උප්පැන්නෙ වෙනස් කළා. මහත්තයා හොර පාස්පෝර්ට් හැදුවා. නීතිය අනුව හිරේ යන්න ඕන. ඒත් විමල් වීරවංශ හිරේ ගියේ නෑ. ඒකෙන් රට යන්න ගිහින් අහුවුනාම අගමැතිතුමාට කතා කරල ඒක බේරා ගත්ත. වෙන කෙනෙක්නම් හිරේ. ඒත් විමල් එළියෙ නිදහසේ ඉන්නවා. ඔන්න ඔහොමයි විමල්ට අගමැතිතුමා උදව් කළේ.”
COMMENTS