දින කිහිපයක් තිස්සේ දේශපාලන ලෝකයේ කතාබහට ලක් වූ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කෙරෙන ජන රැළිය අද දින රත්නපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ...
දින කිහිපයක් තිස්සේ දේශපාලන ලෝකයේ කතාබහට ලක් වූ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කෙරෙන ජන රැළිය අද දින රත්නපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ මෙම රැළිය තම අරගලයේ කේන්ද්‍රස්ථානයක්වන බව යි.
මෙය නම් කොට ඇත්තේ ‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ ලෙස යි.
ජන රැළිය අද සවස 3.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් රැසක් මෙම රැළියට එක්වීමට නියමිතව තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා රැළිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
COMMENTS