පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාවක් ඇත්නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරුන් ලෙස එයට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත‍්...
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාවක් ඇත්නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරුන් ලෙස එයට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ අද(06) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දී දේශපාලඥයන්ද පටි තදකරගත යුතු බවත් ඒ ආදර්ශය දේශපාළඥයන් විසින් ජනතාවට ලබාදිය යුතු බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.
මරික්කාර් මහතා මෙසේද සඳහන් කළේය.
“පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කරන්න යන බවට මේ දිනවල මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් පුවත් පළවුණා. ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩිවෙන විට එයට අනුරූපිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩිවෙන්න ඕන කියලා 2006 වසරේදී එවකට හිටපු සභානායක අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා සම්මත කරලා තියෙනවා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ ඉඳලා ඉහළ අධිකරණවල විනිශ්චකාරවරුන්ගේ වැටුප් වැඩිවෙලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩිවිය යුතුයි කියලා කතා බහක් ඇවිත් තියෙනවා. මෙම වැටුප් වැඩිවෙලා ඇරියස් එකත් එක්ක මන්ත‍්‍රීවරුන්ට වැටුප් වැඩිවෙලා වගේ තමයි මාධ්‍ය මගින් මේ ගැන ප‍්‍රචාරය ගියේ. මේ පිළිබඳ තවම තීන්දුවක් අරගෙන නැහැ කියලා අපි ඉතා පැහැදිලිව කිව යුතුයි.“
“කවුරුහරි මෙහෙම යෝජනාවක් කරලා තියෙනවනම් පසුපෙළ මන්ත‍්‍රීවරුන් විදියට අපි මේකට විරුද්ධයි. එහෙම යෝජනාවක් තියෙනවානම් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදීත් අපේ විරෝධයත් අපි ඒකට ප‍්‍රකාශ කරනවා. අපිට මේ වගේ ප‍්‍රතිචාර දක්වන්න වෙලා තියෙන්නෙත් මාධ්‍ය මගින් මෙවැනි ප‍්‍රචාර යන නිසයි. ඒ නිසා මේ පිළිබඳ විකාශනය කරන්න කලින් මෙම වැටුප් වැඩිකිරීම ගැන තීන්දුවක් අරගෙන තියෙනවද නැද්ද කියලා මාධ්‍යයට හොයා බැලීම වටිනවා. මේ පිළිබඳ යම්කිසි වගකීමක් සහිතව වාර්තා කරන්න කියලා අපි මාධ්‍ය මගිනුත් ඉල්ලා සිටිනවා.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය 04 වනදා පොළොන්නරුවේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් සඳහන් කළේ මැති ඇමැතිවරුන්ගේ වැටුප් සත පහකින්වත් වැඩි කිරීමට ඉඩ නොතබන බවයි.
මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
ඉකුත් වසර තුන තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට විටින් විට කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ අවස්ථාවලදී ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ තීන්දුව අනුමත කරමින් එජාප පසුපෙල මන්ත්‍රී කණ්ඩායමද ජනාධිපතිවරයාට සහය දීමට සූදානම් වන බව වාර්තා වේ.
COMMENTS