යාල වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම අවශ්‍යය වුවහොත් තහනම් කිරීමට පියවර ගන්නා බව වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ...
යාල වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම අවශ්‍යය වුවහොත් තහනම් කිරීමට පියවර ගන්නා බව වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඊයේ (05) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
රජයේ අසාර්ථකත්වයට දේශපාලකයින් පමණක් නොව ජනතාව ද වගකිව යුතු බවත් රජයක් ලෙස පසුගිය වසර තුන තුළ ඔවුන් අසාර්ථක බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
තමාට නීතිය හා සාමය අමාත්‍යධුරය පක්ෂයේ පිරිස් විසින් ලබා දීමට කැමැත්ත තිබුනද ජනාධිපතිවරයා එයට අත්සන් නොකරන බව තමා හොඳින් දන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විල්පත්තුව සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට එය පිළිබඳ තිරණයක් ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර අනාගතයේ මහින්ද රාජපක්ෂ පාලනයක් නැවත පැමිණියහොත් එතුමාට සිදුවන්නේ වැලිකඩ කාමරයකට යෑමට බව මාධ්‍ය වේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS