නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති, නලින් බණ්ඩාර මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන නොගෙවා සිටීම පිළිබඳව එම බැංකුව විසින් කුලිය...
නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති, නලින් බණ්ඩාර මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන නොගෙවා සිටීම පිළිබඳව එම බැංකුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුවක් පවරා ඇති බවත්, ඔහු එම නඩුවට ඉදිරිපත්ව නැතැයි වාර්තා වේ.
ඇමති නලින් බණ්ඩාරට විරුද්ධව පවරා තිබෙන නඩුවේ අංකය 75/එම්./2015 වේ.
ඔහු ණය මුදල ලබාගෙන ඇත්තේ, 00520 48000 2301 දරණ ගිණුම් අංකය යටතේය.
ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් අනූ අට ලක්ෂ හතළිස්හත් දහස් හාරසිය හැටනවය (රු 98,47,469.00) ක් වේ.
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වෙන්නප්පු ශාඛාවෙන් මුදල් ලබාගෙන ඇත්තේ, ලීසිං පහසුකමක් වශයෙන්ය.
මේ ලීසිං පහසුකම ලබාගෙන ඇත්තේ නලින් බණ්ඩාරට අයත් “සෙනොක් කන්ස්ට්‍රක්ෂන්” ආයතනය වෙනුවෙන් “එක්ස්කැවේටර්” යන්ත්‍රයක් මිලදී ගැනීමටය.
මෙම යන්ත්‍රය උමාඔය ව්‍යාපෘතියේ කටයුතු වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත රාජපක්ෂ සමයේදී යොදවා තිබේ.
කෙසේවුවද, එහි ලීසිං වාරික නොගෙවීම නිසා නඩු පවරා තිබුණද මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අධිකරණය මගහැර සිටින බවද පැවසේ.
මෙයට අදාළ නඩුව සැප්තැම්බර් මස 21 වැනිදා යළි කැඳවීමට නියමිතය.
(SLM)
COMMENTS