දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැරී කුමරුන්ගේ විවාහයට විලියම් කුමරු නොඑන හැඩ.
Homeගොසිප්

හැරී කුමරුන්ගේ විවාහයට විලියම් කුමරු නොඑන හැඩ.

PropellerAds

ලබන වසරේ මැයි 19දාට දින නියම කරගත් හැරි කුමරු සහ මේගන් මර්කල්ගේ රාජකීය විවාහ මංගල උත්සවයට විලියම් කුමරු සහභාගි නොවනු ඇති බවට රාවයක් පැතිර ...

AU ගිය ජනපති කැන්බරා නුවර සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක
සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට
අසනීපයි කියා ඥාණසාර හිමි උසාවියට නොවඩී
ලබන වසරේ මැයි 19දාට දින නියම කරගත් හැරි කුමරු සහ මේගන් මර්කල්ගේ රාජකීය විවාහ මංගල උත්සවයට විලියම් කුමරු සහභාගි නොවනු ඇති බවට රාවයක් පැතිර යමින් පවතී.

බ්‍රිතාන්‍ය කිරීටයේ කෙන්සින්ග්ටන් මාලිගය විසින් පසුගියදා මෙම රාජකීය විවාහය පැවැත්වෙන දිනය නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

මෙම රාජකීය විවාහය චාල්ස් සහ ඩයනාගේ වැඩිමහලු පුතු වන විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ විවාහ මංගල උත්සවයෙන් පසුව බ්‍රිතාන්‍ය තුළ සිදුවන ප්‍රමුඛතම රාජකීය විවාහ මංගලෝත්සවය බව නොකිවමනාය.

මෙහිදී, විදෙස් මාධ්‍ය විසින් විලියම් කුමරු මෙම විවාහ මංගල උත්සවයට නොපැමිණෙනු ඇති බව පවසන්නේ, 2018 මැයි 19 වැනිදා බ්‍රිතාන්‍යයේ වාර්ෂික පාපන්දු සැණකෙළිය හෙවත්, FA කුසලාන අවසන් මහා තරගය ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී එදිනම පැවැත්වෙන නිසාය.

මෙම පාපන්දු අවසන් මහා තරගය අත්හැරීම විලියම් කුමරුට අතිශය අපහසු කරුණක් වනු ඇති බව පෙන්වාදෙන මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, හැරී කුමරුට සිය මංගල්‍යයේදී දෙවැනි මනාලයෙකු අහිමි වනු ඇති බවටද සරදම් කරමිනි.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ බොහෝ රාජකීය විවාහ උත්සව සතියේ දිනවල පවත්වා තිබුණත්, හැරී කුමරුගේ විවාහ මංගල උත්සවය සෙනසුරාදා දිනයක පැවැත්වීමට තීරණය කිරීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මෙම විවාහ මංගල උත්සවය සඳහා ඔහුගේ ආච්චි අම්මා වන දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු අනෙකුත් රාජකීයයන් සහභාගී වීම දැනටමත් තහවුරු කෙරෙමින් ඇති අතර, මාර්කල්ගේ දෙමවුපියන් වන තෝමස් මාර්කල් සහ ඩොරියා මර්කල්ද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

එනමුදු, රාජකීය විවාහ මංගල උත්සවය සමග, සමස්ත බ්‍රිතාන්‍යයක් වැළඳගත් දැවැන්ත ක්‍රීඩා සැණකෙළියක අවසන් මහා තරගයද පැවැත්වීම තුළ විවාහ මංගල උත්සවයට සහභාගී වන්නන් තුළද වික්ෂිප්ත බවක් ඇතිවිය හැකි බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැරී කුමරුන්ගේ විවාහයට විලියම් කුමරු නොඑන හැඩ.
හැරී කුමරුන්ගේ විවාහයට විලියම් කුමරු නොඑන හැඩ.
http://ift.tt/2BqRUsE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_711.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_711.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy