දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලියුමක්‌ : ඇමැති 3ක්‌ රුසියාවට.
Homeගොසිප්

තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලියුමක්‌ : ඇමැති 3ක්‌ රුසියාවට.

PropellerAds

රුසියාව විසින් තහනමට ලක්‌කර තිබෙන ශ්‍රී ලන්කන් තේ නැවත රුසියාවට යෑවීම සඳහා රුසියන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කර තහනම ඉවත්කර ගැනීමට කටයුතු කරන...

ප්‍රියංකා චොප්රාගේ සැමියාට ඇය සමග ගමන් කිරිමේදී වීසා ප්‍රශ්නයක්
දියණියගේ පෙම්වතාගේ කන වෙන් වෙන්නම හැපූ මව රිමාන්ඩ්
අපේ සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශෙප්‍ර්මීන් වෙලා

රුසියාව විසින් තහනමට ලක්‌කර තිබෙන ශ්‍රී ලන්කන් තේ නැවත රුසියාවට යෑවීම සඳහා රුසියන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කර තහනම ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය. 

 ඒ සඳහා දැනටමත් ලිපියක්‌ සකස්‌ කර තිබෙන බවත් එය අද (18 දා) තැපැල් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කම්කරු කොංග්‍රසය විසින් හපුතලේදී සංවිධානය කර තිබූ උත්සව අවස්‌ථාවට එක්‌වෙමිනි.

 වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

 අපේ තේ කර්මාන්තයට විශාල පහරක්‌ වැදී තිබෙනවා රුසියාව තේ නොගන්න තීරණය කිරීම හේතුවෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ පෞද්ගලික ආයතනයක්‌ විසින් අපනයනය කරන ලද තේ වගයක කෘමියෙක්‌ සිටීමයි. ඒ නිසා රුසියාව තාවකාලිකව අපගේ තේ ගැනීම නතර කර තිබෙනවා.

 මම දැනට ලිපියක්‌ හදලා තියෙනවා. රුසියානු ජනාධිපති වෙත එය මම අද (18 දා) තැපැල් කරනවා. ඊට අමතරව මම වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, රිෂාඩ් බදුයුදීන් ඇමැති ඇතුළු පිරිසක්‌ රුසියාවට යවලා මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මේ පෞද්ගලික ආයතනය පිළිබඳව දැඩි සෙවීමක්‌ කර නීතිමය පියවර ගන්නවා.

අවුල ලිහාගන්න ඇමැතිවරු තිදෙනෙක්‌ රුසියාවට

රුසියානු රජය මෙරට තේ වලට පනවා ඇති තහනමත් සමඟ ඇතිව තිබෙන අර්බුදය විස¹ගැනීමට කැබිනට්‌ ඇමැතිවරුන් තිදෙනකු මේ සතියේදී මොස්‌කව් බලායාමට නියමිතය. 

ශ්‍රී ලංකා තේ ආනයනයට රුසියානු රජය පනවා ඇති තහනම අද (18දා) සිට ක්‍රියාත්මකය.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුන් මෙලෙස රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

රුසියාව ශ්‍රී ලංකා තේ වල ප්‍රධානතම ගැනුම්කරුවා වේ.


මේ වසරේ මුල් මාස දහය තුළ රුසියාව ඩොලර් මිලියන 23 ක්‌ වටිනා තේ කිලෝ මිලියන 29 ක්‌ මිලදී ගෙන ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලියුමක්‌ : ඇමැති 3ක්‌ රුසියාවට.
තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලියුමක්‌ : ඇමැති 3ක්‌ රුසියාවට.
http://ift.tt/2CTctOE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/3_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/3_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy