දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තරුණ දිනය අමතමින් අමාත්‍ය සාගල රත්නායක කළ අපුරු කතාව.
Homeගොසිප්

තරුණ දිනය අමතමින් අමාත්‍ය සාගල රත්නායක කළ අපුරු කතාව.

PropellerAds

අනාගත වැඩ ලෝකය ජයගත හැකි තාරුණ්‍යයක් බිහිකළ යුතු බවත්, එහිදී ඒ සඳහා අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වය බව අග්‍රාමාත...

අලුගෝසුවා ලංකාවේ පුහුණු කරන්න බැරි හේතුව (බ්‍රහස් කාටූන්)
මං එතනෝල් ගෙන්නනවා කියල ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා -අරුන්දික ප්‍රනාන්දු
ප්‍රධාන විධායක නිලධාරී මහේන් ඉවත් කරයි ස්වර්ණවාහිනී ගැටලුව නිමවේ

අනාගත වැඩ ලෝකය ජයගත හැකි තාරුණ්‍යයක් බිහිකළ යුතු බවත්, එහිදී ඒ සඳහා අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වය බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ පිලිබඳ ප්‍රකාශ කල සිටියේ අද (12) දින පැවති ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සිය දේශනය ඉදිරිපත් කල අවස්ථාවේදීයි. තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සමිති සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවය නෙලුම්පොකුණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.

 එහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ වැඩිදුරටත් අදහස් දැක්වීය,

 "වර්තමන රජය මේ රටේ තරුණ පරම්පරාව සිය සංවර්ධන වැඩපිළිවෙළේ කේන්ද්‍රය ලෙස සලකනවා. විශේෂයෙන්ම වසර 2025 සඳහා වූ අපගේ දැක්ම තුළ තරුණ  පරපුර සවිබල ගැන්වීමට විශාල අවධානයක් යොමු කරලා තියනවා. එක් පැත්තකින් සමාජ සහ ආර්ථික වශයෙන් තරුණයක් සවි බල ගන්වන ගමන්, අනෙක් පැත්තෙන් ඔවුන් සංස්කෘතික සහ තාක්ෂණ අංශයෙන් ද ඔවුන් ශක්තිමත් කළ යුතුයි. එසේ කළ විට තමයි අපිට හැම පැත්තෙන්ම පරිපූර්ණ තරුණ පරපුරක් මේ රටේ අනාගතය බාර ගැනීම සඳහා නිර්මාණය කළ හැකි වන්නේ.

 අද වන විට ලොව පුරාම තරුණ තරුණියන්ට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ අභියෝග රාශියක් එක්ක. මේ අභියෝග වලින් බහුතරයක් පසුගිය කාලය තුළ ලෝකයේ ශ්‍රිග්රයෙන් ඇතිවූ තාක්ෂණික විප්ලවයත් සමග හටගත් දේවල්.. ලෝකයේ තරුණ ප්‍රජාව වගේම ලංකාවේ තරුණ ප්‍රජාවත් මේ අභියෝග වලට මුහුණ දී ඒවා ජයගත යුතුයි. තාරුණ්‍යට සුරක්ෂිත තැනක්, එහෙමත් නත්නම් "safe place" එකක් හදන්න පුළුවන් ඒ අභියෝග ජයගත හැකි පසුබිම නිර්මාණය කළ විටයි.

 මම විශ්වාස කරන විදියට නම් අනාගතයේ දී මේ සියලුම වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දෙන්න නම් අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වයයි. මිනිසා සතුව තිබෙන නිර්මාණශීලිත්වය කියන දෙය පරාජය කරන්න පුලුවන් කිසිම යන්ත්ර්යක් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි. මේ නිසා  මම කලින් කියපු අභියෝගයට සාර්ථකව මුහුණ දී, සුරක්ෂිත තැනක් ගොඩ නගා ගන්න නම් අපේ තරුණ පරපුර නිර්මාණශීලිත්වයෙන් සන්නද්ධ විය යුතුයි.

 නිර්මාණශීලිත්වය කියන්නේ කලාත්මක හැකියාවට විතරක් බලපාන දෙයක් නෙවෙයි. දේශපාලනයේ දීත්, ආර්ථිකය හැසිරවීමේ දීත්, ව්‍යාපාර පරිපාලනයේ දීත්, ක්‍රීඩාවේදීත් නිර්මාණශීලි වීම අත්‍යවශ්‍යයි. බොහෝ නව නිර්මාණ, නව අදහස්, නව නිපැයුම් බිහිවන්නේ නිර්මාණශීලි පුද්ගලයන්ගේ අතින්. ඒ වගේම ප්‍රශ්න සහ අභියෝගවලට වෙනස් විදියට හිතලා විසඳුම් ලබා  දෙන්නේ නිර්මාණශීලී පුද්ගලයන්.

 මා සිතන අන්දමට  "Artificial Intelligence"  රජ කරන කාලයක ලෝකයේ වැඩිම ඉල්ලුම සහිත හැකියාව වනු ඇත්තේ නිර්මාණශීලිත්වයයි. එම ඉල්ලුම නිසාම නිර්මාණශීලිත්වයට ඉහළ මූල්‍යමය වටිනාකමක් හිමි වේවි. එම නිසයි අපි හිතන්න ඕනැ තරුණ පරපුරට කොහොම ද අපි ඉහළ නිර්මාණශීලිත්වයක් ලබා දෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් අපේ අමාත්‍යංශයටත්, ඒ යටතේ එන ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතනවලටත් තිබෙනවා. එමෙන්ම ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් මේ වන විටත් අපි සිදු කරමින් සිටිනවා.

ඒ වගේම අපේ තරුණ පරපුරට, ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වය ජයගැනීමට හොඳම පදනම සැකසෙන්නේ නිර්මාණශීලිත්වය හරහා. එයට හේතුව හැකියාව අතින් අපේ තරුණ  පරපුර ලොකයේ කිසිම රටකට නොදෙවෙනි තැනක සිටීම. අපේ රටේ පසුබෑමක් තියෙන්නේ හැකියාව අතින් නෙවෙයි, ඉදිරියට එන්න තියෙන අවස්ථා සීමා වීම අතිනුයි. එහෙම නැතිනම් ලෝකය වෙනස් කරන්න තරම් හැකියාව සහිත නිර්මාණ කරන්න පුළුවන් හැකියාවන් තියන තරුණ පරපුරක් ලංකාවෙ සිටින බව ඉතාම පැහැදිලි කරුණක්. ඉතින් මේ හැකියාවන්ට සහ නිර්මාණශීලිත්වයට අත දෙන්න අපි රජයක් විදියට වැඩසටහන් කිහිපයක්ම දියත් කරලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයින්ට අත දෙන වැඩසටහනේ ප්‍රධානතම අංගයක් වන්නේ ඒක. එම නිසා ඉතා ඉක්මනින් ඒවායේ සුබවාදී ප්‍රතිපල අපට ලබාගන්නට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. 

 මට මෙයින් කියන්න අවශ්ය  වුණේ අප රජයක් විදියට තේරුම් අරගෙන තියනවා අපගේ තරුණ පරපුරට ජාත්යයන්තරයත් සමග ඉදිරියට යා හැකි මාවත තියෙන්නේ කොතැනද කියලා. මම හිතන්නේ ඉදිරියට එන්නේ අපගේ දක්ෂකම් වලින් සහ හැකියාවෙන් ලෝකයම දිනන්නට පුළුවන් කාලයක්. විශේෂයෙන්ම නව තාක්ෂණික දියුණුවත් එක්ක ඒ අවස්ථා තව දුරටත් පුළුල් වෙනවා මිසක්, අවහිර වෙන්නේ නැති බව පැහැදිලියි. නමුත් වැදගත් වන්නේ හරි වෙලාවට හරි දේ කිරීමයි. ඒකට අවශ්‍ය මග පෙන්වීම අපේ අමාත්යංශය සහ ඒ හා බැඳුණු ආයතන හරහා ලබා දෙනවා.

එමනිසා මට ඔබෙන් ඉල්ලන්න තියෙන්නෙත් එම අවස්ථාවලින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න, ඒ වගේම ඔබේ උපරිමයත් රටට දෙන්න කියලයි. මේක අප දෙගොල්ලන්ම එකට යා යුතු ගමනක්."

 මෙම අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්දික වැලිංගේ මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සහ දිවයින පුරා විසිරි සිටින යෞවන සාමාජ නියෝජනය කරමින් තරුණ තරුණියන් එක්දහස් පන්සියයකට අධික පිරිසක්ද සහභාගී විය.

මිට සමගාමිව 2018 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත "ගමට කෝටියක්" ප්‍රජා ව්‍යාපෘති වැඩසටහන සනහා මුදල් චෙක්පත් ලබාදීමේ කටයුත්තද අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට මෝටර් රථ ධාවන ශුර දිලන්ත මාලගමුව මහතා සහ ප්‍රවීන රංගන ශිල්පිනි පූජා උමාශංකර් ඇතුළු ආරාධිතයින් රැසක්ද එක්විය. එම වැඩසටහන යටතේ යෞවන සමාජ දහසක් සනහා රුපියල් ලක්ෂ තුන බැගින් ප්‍රජා ව්‍යාපෘති සඳහා ලබාදෙන අතර එම මුදල සනහා ප්‍රජා දායකත්වය ලබාගනිමින් ඊට වඩා වටිනකමිකින් යුතු ව්‍යාපෘති ඉදිකිරිම මෙහි අරමුණ වනු ඇත. එතුලින් තරුණ තරුණියන් තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් සඳහා දායක කරගැනීම මෙහි අරමුණ වනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තරුණ දිනය අමතමින් අමාත්‍ය සාගල රත්නායක කළ අපුරු කතාව.
තරුණ දිනය අමතමින් අමාත්‍ය සාගල රත්නායක කළ අපුරු කතාව.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrv9VXAMrMV-3ijWL4ujXuRw299yoeVyFlsXVQN3BnyCEcoQKbm6r3qa7vOozY6kkgvz_A7EhN_r5jZ7v0k8_wvwFn_GXPNFvqNfkSyQzyOXpZkIXo8C091MTvnUj3EpnseH0HIWsPHgYZ/s1600/1A1A8861.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrv9VXAMrMV-3ijWL4ujXuRw299yoeVyFlsXVQN3BnyCEcoQKbm6r3qa7vOozY6kkgvz_A7EhN_r5jZ7v0k8_wvwFn_GXPNFvqNfkSyQzyOXpZkIXo8C091MTvnUj3EpnseH0HIWsPHgYZ/s72-c/1A1A8861.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_649.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_649.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy