දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රධාන විධායක නිලධාරී මහේන් ඉවත් කරයි ස්වර්ණවාහිනී ගැටලුව නිමවේ
Homeගොසිප්

ප්‍රධාන විධායක නිලධාරී මහේන් ඉවත් කරයි ස්වර්ණවාහිනී ගැටලුව නිමවේ

PropellerAds

පු ද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී ආයතනයේ වත්මන් ප්‍රධාන විධායක මහේන් පෙරේරා හා සේවකයින් අතර ඇතිවූ ගැටලුකාරී තත්වය නිසා ඊයේ සිට ...

2017 අවුරුදු පලාපල
අධික සුළං නිසා අනුරාධපුරයේ හානි
මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු
පුද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී ආයතනයේ වත්මන් ප්‍රධාන විධායක මහේන් පෙරේරා හා සේවකයින් අතර ඇතිවූ ගැටලුකාරී තත්වය නිසා ඊයේ සිට එහි සේවකයින් විරෝධතාව දක්වමින් වැඩ අතහැර එහි කටයුතු අවුල් සහගත තත්වයකට පත්කර තිබූ අතර අද (20) සවස වන විට වාර්තා වන්නේ සේවකයින්ගේ ඉල්ලීම් ඉටුකරදී එහි හිමිකරුවන් විසින් ප්‍රශ්නය විසඳා ඇති බවයි. ඒ අනුව ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ මහේන් පෙරේරා මහතා සේවයෙන් ඉවත් කර
ඇත.
වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත් එකඟ වී තිබේ.
 ආයතනයේ වෘත්තීය සමිති නියොජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ලබාදී ඇත. සේවකයින් වැටුප් වැඩි කිරීම ඇතුලුව

ඉල්ලා තිබූ අනෙක් ඉල්ලීම් ගැන අවසන් තීරණය සිකුරාදා දිනයේදි ලබාදෙන බවද දන්වා ඇත.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් අනුව සෑහීමකට පත්වී සේවකයින් යළි සේවය අරඹා තිබෙන අතර එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරම්භ කරන බවද දන්වා ඇත.

ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් පෙරේදා(17දා)  දහවල් විවේකයේදී  එම රථගාලේ රැස්විමක් පවත්වා වෘත්තිය සමිතියක් ආරම්භ කළ අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය පසුදාම තහනම් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කර තිබුණි.
ඔහු පවසා තිබුනේ පුද්ගලික ආයතනයේ නීතිරීති අනුව වෘත්තිය සමිති පිහිටුවිය නොහැකි බවයි.

අස් කළ අයට සහය දීමට ඉදිරිපත්වූ ස්වර්ණවාහිනී නාලිකාවේ පමණක් නොව එම මාධ්‍ය ජාලයේ 270 පමණ වූ විශාල සේවක පිරිසක් වර්ජන ක්‍රියාමාර්ගයකට ගියේ ඉන් පසුවයි.
ඔවුන්ගේ ඉල්ලීම් අතර අස්කළ සේවකයින් යළි සේවයට ගැනීම පමණක් නොව ඔවුන් වෘත්තිය සමිතිය පිහිටුවීමට මුල්වූ ප්‍රධාන විධායක ඉවත් කිරීම, වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම්ද තිබුණි.
ඊයේ දහවල් ප්‍රවෘත්ති විකාශය අසාර්ථක ලෙස ඉදිරිපත්කිරීමටත් සජීවී වැඩසටහන් නවතා දමන්නටත් ඒ අනුව සිදු විය. රාත්‍රී ප්‍රවෘත්ති විකාශයවූයේද නැත.ස්වර්ණවාහිනියේ උණුසුම් තත්ත්වය වෙනුවෙන් කලාකරුවන්ද සහාය පළ කර වර්ජකයින් හමුවීමට පැමිණ තිබූ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා වෘත්තිය සමිති එකමුතුව සහය පළ කර නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

ස්වර්ණවාහිනී ආයතනය තුළ රැදී සිටිමින් මහේන් පෙරේරා මහතා වෘත්තීය අරගලය මැඩ පවත්වා සේවකයන් මර්දනය කිරීමට කුමන්ත්‍රණ කරමින් සිටින බවත් ඔහු ආයතනයට ආදරය කරන්නකු නොවන බවත් පසුගිය වසර දෙක හමාර තුළ ස්වර්ණවාහිනී නාලීකාව ප්‍රමිතියකින් තොරවීමට මහේන් පෙරේරා මහතාගේ ක්‍රියා කළාපය සෘජුව බලපෑ බවත් වර්ජකයින්ගේ ප්‍රබල අදහස විය.

මින් වසර 15 කට පමණ පෙර ස්වර්ණවාහිනියට අනුබද්ධ ශ්‍රී එෆ් එම් නාලිකාවේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කර ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ මහේන් පෙරේරා

ඉන්පසු ඇමරිකාවේ ජීවත්වූ අතර ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව භාර ගත්තේ මීන් වසර දෙකහමාරකට පමණ ඉහතදීය. ඒ වනවිට ස්වර්ණවාහිනිය ඇදවැටී තිබුණ අතර විශාල වෙනස්කම් නොකර එය ගොඩනැගීම අපහසු තත්වයක පසුවිය.
මොහුගේ කාලයේ ලයිව් ඇට් 8 වෙනුවට ලයිව් ඇට් 7 වෙලාව වෙනස් කර ටෙලි නාට්‍ය පෙළගැස්මද වාණිජ සාර්ථකත්වය පිණිස පෙළගැස්වූ අතර ස්වර්ණවාහිනී ලෝගෝවද වෙනස් කර තිබුණි.
මෙම වෙනස්කම් නිසා කිසියම් සාර්ථකත්වයක් නාලිකාව තුළ පැනනැගුණ නමුත්  මේවා සිදුවන අතරවාරයේ ඊඒපී සමාගම් සමූහය බංකොලොත් මට්ටමට පැමිණ තිබුනේ වෙනත් ගැටලුවක්වූ ඊටීඅයි මූල්‍ය ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වූ නිසාය. එය ස්වර්ණවාහිනී අසුබ දිසාවටද බලපෑවේය.

ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවේදී සෙලින්කෝ සමූහය සතු වත්කම් රජය මගින් පවරාගෙන ජනතා මුදල් පියවීමට කටයුතු කළ ආකාරයෙන් ඊටීඅයි පාඩුව පියවීමට රජය ඊඒපී එදිරිසිංහ පවුලේ වත්කම් රාජසන්තක කරගනීවි යයි සිතා එදිරිසිංහ දරුවන් සිදු කළේ නඩු යන අතරවාරයේ  මවගේ මරණින් පසු ඔවුනට අයත්ව තිබූ ස්වර්ණවාහිනිය , ස්වර්ණමහල් ඇතුළු සියලු වත්කම් (ඊටීඅයි හැර) මිලියන 75 කට විකුණා දැමීමයි. එම වත්කම් මුදල් රජයට නොයවා තම සාක්කුවට දමාගැනීම එහි අරමුණ බව පෙනෙන්නට තිබුණි. මෙම ගනුදෙනුව විදේශිකයෙකු සමග සිදු කිරීම ගැටලු සහගත බවට පාර්ලිමේන්තුවේ පවා කතාබහක් ඇති විය.
ඒ ගනුදෙනුව අනුව මේ වනවිට එදිරිසිංහ පවුලට ස්වර්ණවාහිනිය අයත් නැත. නව පාලකයා විදේශිකයෙකු වන අතර ඔහු ඇතුළු පිරිස මෙහි හිමිකාරත්වය ලබාගත්තේ පසුගිය ජනවාරි 6 වනදාය. (මේ ගැන විස්තර පෙර ලිපියක අප හෙළි කරන ලදි - ලිපිය මෙතැනින්)

නව පාලකයා ස්වර්ණවාහිනීය ගැන කිසිවක් හදාරා නැති අතර ඔහුට වගකියන ලද්දේ ලංකාවේ වැඩකරන ප්‍රධාන විධායක මහේන්ය. ඔහු අත්තනෝමතිකව පාලනය සිදු කළ බව සේවකයින්ගේ අදහසයි. මහේන් පෙරේරා වෙත සේවකයින්ගේ විරෝධය මතුවන්නේ මෙවන් පසුබිමකය. කෙසේ හෝ සේවක සටන මේ වනවිට සාර්ථක ලෙස නිමා කර තිබෙන අතර අලුත් ප්‍රධාන විධායකවරයෙකු යටතේ ස්වර්ණවාහිනිය ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රධාන විධායක නිලධාරී මහේන් ඉවත් කරයි ස්වර්ණවාහිනී ගැටලුව නිමවේ
ප්‍රධාන විධායක නිලධාරී මහේන් ඉවත් කරයි ස්වර්ණවාහිනී ගැටලුව නිමවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVCkJ-LmqxEveHI719i1zWL8jO7Z7NLWx9LSmejmFsf4r5zpTpZ_0H0OqbqBViInGW6UyRSU93rZ3sbeY69ZBLRn8cH6qqtTPIW0RJLjNBScTbWeAApKBPyMxYxVqGQR52oT_l20sY5mQ/s1600/swarnavahini-mahen-perera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVCkJ-LmqxEveHI719i1zWL8jO7Z7NLWx9LSmejmFsf4r5zpTpZ_0H0OqbqBViInGW6UyRSU93rZ3sbeY69ZBLRn8cH6qqtTPIW0RJLjNBScTbWeAApKBPyMxYxVqGQR52oT_l20sY5mQ/s72-c/swarnavahini-mahen-perera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_545.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_545.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy