අද රජයට ඇත්තේ ජනතා සහය නොව පතාලයේ සහය බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒ ඊයේ පෙරවරුවේ කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවෘත...
අද රජයට ඇත්තේ ජනතා සහය නොව පතාලයේ සහය බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඒ ඊයේ පෙරවරුවේ කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි කියන්නේ මේ ආණ්ඩුව තිබිලා වැඩක් නෑ ජනාධිපතිවරයා කියන කැබිනට්ටුව ක්‍රියාත්මක කරන්නේ නෑ. කැබිනට්ටුවේ ගන්න තීන්දු ඇමතිවරු ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේක අද අරාජික රටක් බවට පත්වෙමින් තියෙනවා. අපි දැක්කා ඇමතිවරු පිදුම් ලබනවා නොයෙකුත් සම්මානවලින්. හැබැයි ප්‍රසිද්ධියේ අද මත්පෙති ජාවාරම සිදු වෙනවා. ඔහොම යනකොට ඕවා භාර ඇමතිවරුන්ට සුවපති කෙසේ වෙතත් සුව පෙති කියලා කියන්න ඉඩ තියෙනවා ඉස්සරහට. මේ වගේ අද කෝච්චියට නගින්න ගියාම කෝච්චිය නගින්න විදියක් නැහැ. බස් එකට ගියාම එතන බස් එක නැහැ. ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් ගන්න දොස්තරවරු නැහැ."
"ඒ අය වර්ජනයේ. කැබිනට් ප්‍රකාශක ඇවිල්ල කියනවා වෛද්‍යවරුන්ට ගහපු බද්ද 15% දක්වා අඩු කෙරුවා මුදල් ඇමැති එහා පැත්තේ ඉදන් කියනවා නැහැ එහෙම එකක් කෙරුවේ නැහැ. මේක අද පිස්සන් කොටුවක තත්වයකට පත් වෙලා, අද මේ රජය කුඩු ගහන රජයක් බවට පත් වෙලා තියෙනවා. ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා කුඩු පොලිස්ලයි, පස් පොඩ්ඩලා, පස් ලොක්කෝ ඔක්කොම ඉන්නේ. අද රජය ජනතාවගේ සහය නැහැ, මාධ්‍යයේ සහය නැහැ , සහයට ඉන්න එකම කණ්ඩායම තමයි පාතාලය.”යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS