පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරට අදාල දුම්රිය රියදුරුවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අම...
පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරට අදාල දුම්රිය රියදුරුවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබා දී තිබේ.
ඊයේ (06) පස්වරුවේ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ඊට පිටුපසින් පැමිණි රඹුක්කන දක්වා ධාවනය වූ බලවේග කට්ටල දුම්රිය ගැටීමෙන් අනතුරක් සිදු වූ අතර එම අනතුරින් දුම්රිය මගීන් 32 දෙනෙකු තුවාල ලැබුවේය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන තුරු අනතුරට සම්බන්ධ රඹුක්කන දුම්රියේ රියදුරාගේ සේවය තාවකාලිකව අත්හිටුවන ලෙස අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත උපදෙස් ලබාදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
අනතුරට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙවැනි අපරීක්ෂාකාරී දුම්රිය රියදුරන්ගේ ක්‍රියා හේතුවෙන් ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටෙන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS