දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුදල් නැහැයි කියා බදුල්ල දිසාපති නැවතත් ජනපතිව අන්දලා !
Homeප්‍රවෘත්ති

මුදල් නැහැයි කියා බදුල්ල දිසාපති නැවතත් ජනපතිව අන්දලා !

PropellerAds

  2017.10.09 වනදා වන විට උමා ඔය සහන ගිණුමේ ශේෂය රුපියල් 12,279.55ක් ලෙස ප්‍රකාශ කෙරුණ ද රුපියල් මිලියන 100ක් ගිණුම් ගත නොවී පවත්වාගෙන යා...

නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඕනෑ දෙන්නයි - වරාය වෘත්තීට සමිති කියති
උදයංගගේ යුක්රේන ටීම් එකට ඇමැති විමලවීර බාල්දියක් පෙරළයි
ජනපති ආරක්ෂක අංශය ආරක්ෂාව දෙද්දීත් චන්ද්‍රිකාගේ ගෙදරට හොරු පැනලා
මුදල් නැහැයි කියා බදුල්ල දිසාපති නැවතත් ජනපතිව අන්දලා !

 

2017.10.09 වනදා වන විට උමා ඔය සහන ගිණුමේ ශේෂය රුපියල් 12,279.55ක් ලෙස ප්‍රකාශ කෙරුණ ද රුපියල් මිලියන 100ක් ගිණුම් ගත නොවී පවත්වාගෙන යාමට බදුල්ල දිසාපති නිමල් අබේසිරි කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි. 

එසේම, නිවාස හානි වූවන් සඳහා මිලියන ගණනින් වන්දි ගෙවූ බවට ලේඛන ඉදිරිපත් කර ඇති නමුත් හානි වූ නිවාස වලින් 23%ක් සඳහා ම ගෙවා ඇත්තේ රු. 10,000ට අඩු වන්දි මුදලක් බවත් තවත් 45%ක් සඳහා ගෙවා ඇත්තේ 10,000ත් - 50,000ත් අතර මුදලක් බවත් එම සංවිධානය ප්‍රකාශ කරයි. තවත් 17%ක් සඳහා 50,000 - 100,000 අතර වන්දි ගෙවා ඇති අතර ඒ අනුව බලන කල නිවාස හානි වූවන්ගෙන් 85%කට ම ලැබී ඇත්තේ 100,000කට අඩු වන්දි මුදලක් බවත් පවතින වියදම් අනුව මෙය නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි. 

එසේම, විපතට පත් ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා නල ළිං ඉදිකරනවා වෙනුවට බවුසර් මඟින් ජලය සැපයීමට දිසාපතිවරයා නියෝග කර ඇති නමුත් බවුසර් 27කින් 11ක් රියදුරන් නොමැතිව නවත්වා ඇති බව පෙන්වා දෙන මානව හිමිකම් කේන්ද්‍රය පවසන්නේ ජනතාවට ජලය ලැබෙන්නේ දින 07කට වරක් බවය. 

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ. 

- RN

“බදුල්ල දිසාපති ජනාධිපතිතුමා නැවතත් අන්දයි‘‘

රු. මිලියන 100 ක් ගිණුමේ තිබිය දී තවත් මිලියන100 ක් මුදල් නෑ කියා ගෙන්වලා. 

බවුසර් 11 ක් රියදුරන් නැතිව නවතී. බවුසර් වතුර මුදලට පමණයි.


 උමාඔය සහන අරමුදලේ මුදල් අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා, අතිරේක ප්‍ර‍තිපාදන රු. මිලියන 100 ක් තම ගිණුමට ගෙන්වා ගත් බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතා රු. මිලියන 600 කින් වැය කොට ඇත්තේ රු. මිලියන 400 ක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හෙළිදරව් කරයි.  

ඔක්තෝබර් 09 දින සහන කටයුතු සදහා මුදල් නැති බව රාජ්‍ය නිලධාරීන්ට පවසා ඇතත් ඒ වන විට රුපියල් මිලියන 100 ක් ගිණුම් ගත නොකර, අතිරේක ප්‍ර‍තිපාදන ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා එම මුදල් ලබාගෙන ඇත.

පසුගිය සැප්තෑම්බර් 11 දින ගිණුමේ මුදල් අවසන් බැවින් සහන කටයුතු නවතා දැමීමට සිදුවන බවට මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් සැප්. 13 රු. මිලියන 100 ක් වහාම උමා ඔය සහන කටයුතු සදහා යොමු කර ඇත.  එම මුදල් ද අවසන් බව ‘උමාඔය සහන ඉල්ලා ජනතා උද්ඝෝෂණයට දිනකට පෙර බදුල්ල දිසාපතිවරයා ෆැක්ස් මගින් මහවැලි අමාත්‍යාංශයට දන්වා ඇත.  පසුදින තවත් රුපියල් මිලියන 100 ක් ජනාධිපතිවරයා විසින් බදුල්ලේ සහන කටයුතු සදහා යොමු කර ඇති නමුත්, සැබෑ ලෙසම වැය කොට ඇත්තේ රු. මිලියන 400 කට මදකට අඩු මුදලකි.  කිසිදු භාවිතයින් තොරව, ජනතාවට මුදල් නිදහස් කරන්නේ ද නැතිව මසකට වැඩි කාලයක් රු. මිලියන 100 ක මුදලක් බදුල්ල සහන ගිණුමේ පවත්වාගෙන ගොස් ඇත.

මාසයක් පුරා ජනතාව බණ්ඩාරවෙල, ඇල්ල, බදුල්ලේ කන්තෝරු ගානේ ‘මරණ වරෙන්තුවක් අතේ තබාගනිමින්‘ රස්තියාදු වෙති.  

2017.10. 09 වන දින වන විට උමා ඔය සහන ගිණුමේ ප්‍ර‍කාශිත ඉතිරිය රුපියල් 12279.55 කි. නමුත්, රු. මිලියන 100 ක් ගිණුම් ගත නොවී පවත්වාගෙන යාමට බදුල්ල දිසාපති කටයුතු කර ඇති අතර මුදල් නැතැ බැවින් ජනතාවට සහන සැලසිය නොහැකි බව දක්වා ඇත.

උමාඔය නිසා හානි සිදුවූ වැලිමඩ, හාලි ඇල හා ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි එකම නිවාසයකට හෝ තවමත් වන්දි ගෙවා නොමැති අතර එකම පුද්ගයෙකුට හෝ නිවාස කුළී ගෙවා නැත.

උමාඔය ව්‍යාපෘතිය නිසා නිවාස 2467 කට වන්දි ගෙවිය යුතුව තිබූ නමුත්, 2017/7/20 දින සිට 2017/10/15 දින  ජනතාවට ඉවත්ව යාම සදහා නිවාස කුලී දීමනා ගෙවා ඇත්තේ  පවුල් 106 කට පමණි.   නිවාස 1174ක් හානිවී ඇති බණ්ඩාරවෙල නිවාස 46 කට නිවාස කුළී ගෙවා ඇත.  ඇල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 59ක් සඳහා ද,හපුතලේ එක් නිවාසයක් සඳහා රු. 15,000 ක නිවාස කුළී ගෙවා ඇත.  රු. 25,000 ක උපරිමයකට යටත්ව නිවාස කුලී ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.  නමුත්, එකම අයෙකුට හෝ මේ දක්වා රු. 25,000 දීමනාව ගෙවා නැත.

නිවාස හානි වන්දි ප්‍රෝඩාව

රුපියල් මිලියන ගණනින් වන්දි ගෙවූ බවට ලේඛණ ඉදිරිපත් වන නමුත්, හානි වූ නිවාස 2467 න් 565 (23%) කට ම ගෙවා ඇත්තේ  රුපියල් 10,000ට අඩු වන්දි මුදලකි.   එයින් සිමෙන්ති කොට්ට දෙකක්, මිලදී ගෙන පුපුරා ඇති ස්ථාන වසා ගත හැකි නමුත්, වැසි වැටීමත් සමග එම නිවාසවලින් පවා ඉවත්වීමට ජනතාවට සිදුව ඇත.  නිවාස 1120ක් (45%) සඳහා රුපියල් 10,000 - 50,000ත් අතර වන්දි මුදල් ගෙවා ඇත. එනම්, හානියට පත් නිවාස අතුරින් 68% කට ලැබී ඇත්තේ රු. 50,000කට අඩු මුදලකි. නිවාස 416කට (17%) රුපියල් 50,000ත් 100,000ත් අතර වන්දි ලැබී ඇත. ඒ අනුව, නිවාස වන්දි ලැබූ 85%ක්ම ලැබී ඇත්තේ රු. ලක්ෂයකට අඩු වන්දියකි. වැසි ඇද හැලීමත් සමගම රු. ලක්ෂයට අඩු වන්දි ලැබූ අයට ද, නිවාස හැරදමා යාමට සිදුව ඇත

රුපියල් ලක්ෂයේ සිට  ලක්ෂ 5 අතර වන්දි මුදල් ගෙවා ඇත්තේ නිවාස 259 ක් පමණි. ඔවුන් බහුතරය, වහා ඉවත් විය යුතු පුද්ගලයින් ය.  ඉඩම් ලබා නොදීම, හේතුවෙන් ඔවුන් තමන්ට ලැබුණු මුදල වැය කොට නිවාස කුළියට ගෙන ඇත. අද රු. ලක්ෂ 5කින් ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීම සිහිනයකි.  

තක්සේරු නිලධාරීන් සඳහා ආහාරපාන ලෙස රුපියල් 168,525 ක මුදලක් ගෙවා ඇති අතර ඉන්ධන වියදම් සඳහා රුපියල් 142,072 ක මුදලක් වැයකර තිබේ. දිසාපති නිමල් අබේසිරි තක්සේරු නිලධාරීන්ගේ දීමනා මාස 2 කින් ගෙවා නැති අතර එම මුදල් මහවැලි අමාත්‍යාංශයෙන් ගෙවා දැමිය යුතු බව දක්වා ඇත.

බවුසර් 27 න් 11 කට රියදුරන් නෑ

නොමිලේ ජලය ලබාදීමට නළ ළිං ඉදි කිරීම වෙනුවට අපිරිසිදු ජලය බවුසර් මගින් බෙදාහැරීමට දිසාපතිවරයා නියෝග කොට ඇත. බවුසර් 11 ක් රියදුරන් නොමැතිව නවතා දමා ඇත.  ජනතාවට ජලය ලැබෙන්නේ දින 7 ක වරකි.  ජලය විකුණන ව්‍යාපාරිකයන් 8 දෙනෙකුට ජල හිගය ධන නිධානයක් වී ඇත. 

රු. මිලියන 600 ක් සහන සදහා බදුල්ලට යවා ඇති නමුත් නාය යන, ගිලා බසින, රතු සිතියමේ සලකුණු කොට ඇති ජනතාවට ජීවත්වන තවමත් එකම තාවකාලික නිවසක්, කුඩාරමක්, ටකරං මඩුවක් හෝ වැසිකිලියක් වත් බදුල්ලේ ඉදිකොට නැත. 

බණ්ඩාරවෙල පල්ලේපේරුව, උඩපේරුව, දෝව-දික්අරාව, කිණිගම (කොටසක්), තන්තිරිය (කොටසක්) ග්‍රාම නිලධාරි වසම් හි ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුව ඇත.  ඇති හැකි අය මේ වන විටත් සිය දේපල අතහැර දමා ඉවත්ව ගොසිනි. 

සැප්. 13 සිට මාසයක් රුපියල් මිලියන 100 ක් බැංකුවේ තිබී ඇත.  දැන් රජය තවත් රු. මිලියන 100 ක් ලෙස රුපියල් මිලියන 600 ක් බදුල්ල සහන අරමුදලට එවා ඇත. ජනාධිපතිවරයාට ව්‍යාජ වාර්තා ලියමින් බදුල්ල දිසාපති නිමල් අබේසිරි සමස්ත රාජ්‍ය සේවයම ගර්භාවට ලක් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා ගාල්ලේ දී පැවසූවේ ‘ගුවන්යානයක නැගී අවතැන්වූවන්ට එකතු කර ගන්නට සල්ලි විසි කරන්න  තමන්ට සිදුව ඇති බව‘ ය.  ඉදිරි මහ වැසි සමයේ දී ජනාධිපති - අගමැතිවරුන්ට බදුල්ලේ දී ‘ගුවනින් මිනීපෙට්ටි විසිකරන්නට‘ සිදුවන තැනට උමාඔය සහන ව්‍යාපෘතිය මේ වන විට බිද වැටී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

(බදුල්ල දිසාපතිවරයා විසින් ව්‍යාජ ලෙස සාරාංශය ගත කොට අතිරේක මුදල් ඉල්ලූ ගිණුම් වාර්තාව  අමුණා ඇත)

මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය
2017 ඔක්තෝබර් 16

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදල් නැහැයි කියා බදුල්ල දිසාපති නැවතත් ජනපතිව අන්දලා !
මුදල් නැහැයි කියා බදුල්ල දිසාපති නැවතත් ජනපතිව අන්දලා !
http://ift.tt/2wXZF68
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_621.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_621.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy