ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික ආරෝග්‍යශාලා ජාලයට හිමිකම් කියනු ලබන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් විසින් මෙරට සිසුන් හට විදේශීය වෛද්‍ය උපාධියක් ...
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික ආරෝග්‍යශාලා ජාලයට හිමිකම් කියනු ලබන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් විසින් මෙරට සිසුන් හට විදේශීය වෛද්‍ය උපාධියක් දැරිය හැකි මිලකට හැදැරීමේ අවස්ථාව ලබා දීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව එහි සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි. 2017/18 වාර්ෂික වාර්තාව මගින් ඔහු මේ බව හෙළිදරව් කර ඇත.
මේ අනුව MBBS උපාධි පාඨමාලාවක් හඳුන්වා දීම සඳහා එක්සත් රාජධානියේ Aberdeen සරසවිය සමඟින් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව පතිරගේ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටී. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටිනුයේ, මෙම පියවර ශ්‍රී ලංකාවේ සුවසේවා කර්මාන්තයේ සිටින විශේෂඥයින්ගේ ප්‍රමාණය ඉහළ නැංවීමට හේතු වනු ඇති බවයි.
1497 දී ආරම්භ වුණු Aberdeen සරසවිය ලොව පැරණිතම වෛද්‍ය විද්‍යාලවලින් එකක් වන අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිව්වැනි ස්ථානය එයට හිමිව තිබේ.
ප්‍රමාණය, සේවාවන්, තත්ත්වය හා තාක්ෂණය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහල් ජාලයට ආසිරි හොස්පිටප් හෝල්ඩිංග්ස් (පීඑල්සී) හිමිකම් කියනු ලබයි. ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පාලක කොටස් හිමියා වන්නේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි.
මෙම සමූහයට අයත් සුවසේවා කර්මාන්තයට සම්බන්ධ සමාගම් පහත පරිදි වේ.
COMMENTS