දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එකම පීල්ලක මුහුණට මුහුණ පැමිණි මහා දුම්රිය අනතුරක් නූලෙන් වැලකෙයි - චීන දුම්රියවල තිරිංග දෝෂ
Homeප්‍රවෘත්ති

එකම පීල්ලක මුහුණට මුහුණ පැමිණි මහා දුම්රිය අනතුරක් නූලෙන් වැලකෙයි - චීන දුම්රියවල තිරිංග දෝෂ

PropellerAds

ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී එකම පීල්ලක දුම්රිය දෙකක් මුහුණට මුහුණ ධාවනය කරවීම හරහා ඊයේ (22) සිදුවීමට ගිය දුම්රිය අනතුර පිළිබඳ ද...

මියන්මාර් සරණාගතයින්ට පහරදීමට පැමිණි පිරිසේ පැටිකිරිය 'කැෆේ' හෙළි කරයි.
" ගමන " හා සම්බන්ධ දෑ පිළිබඳ - රුවන් බන්ධුජීව
ඥාණසාර හිමි දළදාව පැහැර ගැනීමේ සැලසුමක - විශේෂ හෙළිදරව්ව [Video]
එකම පීල්ලක මුහුණට මුහුණ පැමිණි මහා දුම්රිය අනතුරක් නූලෙන් වැලකෙයි - චීන දුම්රියවල තිරිංග දෝෂ

ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී එකම පීල්ලක දුම්රිය දෙකක් මුහුණට මුහුණ ධාවනය කරවීම හරහා ඊයේ (22) සිදුවීමට ගිය දුම්රිය අනතුර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඒ.ඩී.ජී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මේ සඳහා පත් කර තිබේ.

සිද්ධියට අදාළ යාල්දේවි දුම්රියේ රියදුරු හා නියාමක, තලෙයිමන්නාරම් දුම්රියේ රියදුරු හා නියාමක, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපතිවරයා, සංඥාකරු හා අනුරාධපුර දුම්රිය සංඥා පාලකවරයාගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර සතියක් ඇතුළත අවසන් කරන ලෙසත්, සිද්ධියට අදාළව යම් අයෙකු වැරදිකරුවෙකු වුවහොත් විනයානුකූලව දඬුවම් කරන ලෙසත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතාට අද (23) පෙරවරුවේ උපදෙස් ලබා දී තිබේ.

ඊයේ පස්වරු දෙකට පමණ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මැදවච්චියේ සිට කොළඹ - කොටුව බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය සහ කොළඹ - කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය දෙක එකම පීල්ලේ මුහුණට මුහුණ ගමන් කර තිබිණි.

එම අවස්ථාවේ දැඩි පරිශ්‍රමයකින් පසු හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමෙන් පසු රියදුරන් දුම්රිය නවත්වාගෙන තිබූ අතර, එසේ නොවූයේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩකඩ තිබූ බවයි වාර්තාවන්නේ.

මෙලෙස එකම පීල්ලේ ධාවනය කර තිබුණේ චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි කට්ටල දෙකක් වන අතර දුම්රිය රියදුරන් සහ තාක්ෂණ ශිල්පීන් පවසන්නේ මෙම චීන මැදිරි කට්ටලවල පවතින තිරිංග දෝෂ හේතුවෙන් දුම්රිය සංඥාවලට අනුව ක්‍රියාත්මක වීමේ අපහසුතාවක් පවතින බවයි.

ඊයේ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී යාල්දේවි දුම්රියට ලබාදුන් සංඥාව ක්‍රියාත්මක කිරීමට කල්වේලා ගතවීම හේතුවෙන් අනතුරක් සිදුවීමට ගිය බවටද ඔවුන් චෝදනා කරයි.

මෙම චීන දුම්රිය මැදිරි මෙරටට ගෙන්වා ඇත්තේ 2008 වර්ෂයේදිය. මැදිරි 100 ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර, මීට පෙර දුම්රිය තාක්ෂන ශිල්පීන් තාක්ෂණික වාර්තා 3ක් මගින් අදාළ දුම්රිය ධාවනය කළ නොහැකි බව පෙන්වාදී තිබේ.

ඉන් අවසන් වාර්තාව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත භාරදී ඇත්තේ මීට මාස 5 කට ඉහතදියි.එසේ අනතුරුදායක තත්ත්වයක් තිබියදිත් දුම්රිය ගමන් වාර අවලංගුවීම වළක්වාගැනීම සඳහා මෙම චීන දුම්රිය මැදිරි කට්ටල ධාවනය කිරීමට බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත.

සාමාන්‍යයෙන් හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමකදී දුම්රියක් මීටර 700ක පමණ දුර සීමාවක් තුළ නවත්වාගැනීමට හැකියාව පැවතියද මෙම චීන මැදිරි කට්ටල සවිකරන ලද දුම්රියක් හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමකදී කිලෝමීටර 2 කට වැඩි දුරක් නොනවත්වා ධාවනය වන බව තාක්ෂණ ශිල්පීන් සිය වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

පැයට කිලෝමීටර 80 ක පමණ වේගයකින් ධාවනය කරන අවස්ථාවක මෙවැනි තත්ත්වයක් සිදුවුවහොත් බිහිසුණු අනතුරක් සිදුවිය හැකි බවට ඔවුන් මාස 5 කට පෙර නිකුත් කළ වාර්තාව මගින් අනතුරු අඟවා ඇත.

මීට සති කිහිපයකට පෙර පොල්ගහවෙල - පනලිය ප්‍රදේශයේදීද දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවිය. එම අවස්ථාවේද අනතුරට ලක්ව තිබුණේ මෙවැනි චීන මැදිරි යෙදවූ දුම්රිය දෙකකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එකම පීල්ලක මුහුණට මුහුණ පැමිණි මහා දුම්රිය අනතුරක් නූලෙන් වැලකෙයි - චීන දුම්රියවල තිරිංග දෝෂ
එකම පීල්ලක මුහුණට මුහුණ පැමිණි මහා දුම්රිය අනතුරක් නූලෙන් වැලකෙයි - චීන දුම්රියවල තිරිංග දෝෂ
http://am.lk/media/k2/items/cache/eb40cf7cbda6c62fb7237adc3b93cfb2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_492.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_492.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy