තම සංවිධාන අතින් ඇතැම් වැරදි පූර්වාදර්ශ ලබා දුන් බවත්, එම තත්වය අවබෝධ කර ගනිමින් සියලු වාර්ගිකයින් එකතුකොට අලුත් ගමනක් ඇරඹීම සඳහා සැලසුම්...
තම සංවිධාන අතින් ඇතැම් වැරදි පූර්වාදර්ශ ලබා දුන් බවත්, එම තත්වය අවබෝධ කර ගනිමින් සියලු වාර්ගිකයින් එකතුකොට අලුත් ගමනක් ඇරඹීම සඳහා සැලසුම් කරමින් සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍යපාද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසා සිටිති.
'ශ්‍රී ලංකා ගාර්ඩියන්' කතෘ නිලන්ත ඉලංගමුව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් ඥාණසාර හිමියන් වර්තමාන දේශපාලන තත්වය ගැන සේම බොදු බල සේනා සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහසක් දක්වමින් එම කාරණය සඳහන් කර තිබේ.
නීතිය ක්‍රියාත්මක කරන්න :
එක්තරා අවස්ථාවක රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා දළදා වහන්සේ පැහැර ගැනීමේ සැලසුමක් තිබූ බවත් එහිදී තමන් වහන්සේට පැවරුණු කාර්යය වූයේ දළදා වහන්සේ රැගෙන දකුණු පළාතේ ප්‍රදේශයකට පළායෑම බවත් තම අතීත ක්‍රියාකාරකම් ගැන සිහිපත් කරමින් උන්වහන්සේ සඳහන් කර ඇත.
තම සංවිධානය කිසිඳු අවස්ථාවක ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල නොදුන් බව සඳහන් කරන උන් වහන්සේ, පසුගිය වසර කිහිපය පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගැන ස්වාධීන කොමිෂමක් පත්කොට නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
''එකළ අපේ ගැටලුව තේරුම් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි'' උන්වහන්සේ එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
COMMENTS