පොදුජන පෙරමුණේ සහය නැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සැලසුමක් සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයන් මුණ ගැසීමට රැස්වීම් ම...
පොදුජන පෙරමුණේ සහය නැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සැලසුමක් සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයන් මුණ ගැසීමට රැස්වීම් මාලාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ‘ගෝඨාභය රාජපක්ෂ පිල’ සංවිධානය කර ඇත.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට නියෝග කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නොකළ යුතු බවයි.
පෙනෙන්නට ඇති ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබෙන නිසා ප්‍රාදේශීය වශයෙන් ගෝඨාභය හිතවාදී යාන්ත්‍රණයක් ඇති කර ගැනීම ‘එළිය’ සංවිධානයේ සැළසුම වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ පිලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් අප සමග අදහස් දක්වමින් කීය.
ඒ හරහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස පාක්ෂිකයන් අතර බලයක් ගොඩනගා ගැනීම ‘එළිය’ සංවිධානයේ රැස්වීම් මාලාවෙහි අරමුණ යැයි එම මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
එසේ පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනම තරඟ කරන්නට වුවද හැකියාවක් ඇතැයි මහින්ද රාජපක්ෂ පිලට පෙන්වීම සඳහා දේශපාලන බලයක් ගොඩනගා ගත යුතු බව ගෝඨාභය හිතවාදී කණ්ඩායමේ අදහස වී ඇත.
(අනිද්දා)
COMMENTS