දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න
Homeගොසිප්

එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න

PropellerAds

පරීශීලකයින්ගෙන් කප්පම් ඉල්ලා එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න ගතවූ පැය විසිහතර තුළ...

වසර විසිහතරක් ෆ්‍රිජ් එකේ ඉඳලා ඉපදුන දැරිය.
ඇමෙරිකාවට විරුද්ධව රටවල් 128ක්.
ජවිපෙ 31ක් ජනපතිගේ සහායට.

පරීශීලකයින්ගෙන් කප්පම් ඉල්ලා
එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර්
පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න


ගතවූ පැය විසිහතර තුළ වේගයෙන් පැතිරුණ පරිගණක වෛරසයක් නිසා ලෝකය පුරා පරිගණක භාවිත කරන්නන් අද අපහසුතාවයන්ට ලක්වුණා.වෙනත් පරිගණක වෛරසයක් මෙන් නොව මෙමගින් පරිගණක ප්‍රහාරයකට ලක්කර කප්පම් ඉල්ලන ගණයේ එකක් ලෙස හඳුනාගෙන ඇත.
බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය සහ තායිවානය ඇතුළු රටවල් 99 ක පරිගණක 60000 කට ආසන්න ප්‍රමාණයක් මෙම වෛරසයෙන් මේ වනවිට අකර්මන්‍යවී ඇත. එම රටවල සෞඛ්‍ය සේවා,ප්‍රවාහන සේවා,සන්නිවේදන සේවා ආදි කටයුතුද අවුල් කරන්නට මෙමගින් කටයුතු යෙදිණි.
කිසියම් ඊමේල් පණිවිඩයක්,පීඩීඑෆ්-වර්ඩ් ඩොකියුමන්ට් එකක් ලෙස පැමිණිය හැකි මෙම රැන්සම්වෙයාර් වෛරසය විවෘත කිරීමට
උත්සාහ කිරීමත්

සමග පරිගණකයක් ආසාදනයට ලක්වන අතර එහි භයානක පැත්ත නම් එමගින් පරිගණකයේ සියලුම ෆයිල්  වලට ක්ෂණයෙන් අගුලු වැටීමයි.

එම අගුලු හැරගන්නට උපදෙස් සපයමින් නිශ්චිත කාලයක් ලබාදී පණිවිඩයක්ද ඉන් පසු දිස්වන අතර එම කාලය තුළදී ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ලෙස bitcoin ක්‍රමයට ගෙවන්නේ නම් අවශ්‍ය මුරපදය ලබාදෙන බවට තර්ජනාත්මක උපදෙසක් එහි ලබාදී ඇත. මෙම වෛරසය ලොව පුරා වින්ඩොස් වර්ගයේ මෙහෙයුම් පද්ධති ඇති පරිගණක වලට පමණක් බලපා ඇති බවට තොරතුරු වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක ප්‍රතිචාර සංසදයද මේ වනවිට නිවේදනයක් නිකුත් කර ඇති අතර විදෙස් වාර්තා ඇසුරින් ආරක්ෂා වීමට උපදෙස් සපයා ඇත.

විශ්ලේෂකයින් දන්වා සිටින්නේ මෙම වෛරසය 2017 අප්‍රේල් සිට බලපවත්වන එකක් බවයි. ආරක්ෂක පියවරක් ලෙස තමන්ගේ වටිනා පරිගණක දත්ත බාහිර වෙනත් උපාංගයකට හෝ තැටියකට ගබඩා කරගන්නා ලෙසත්, බාහිර ඊමේල් විවෘත කිරීමේදී සැලකිලිමත් වන ලෙසත් මේ ගැන උපදෙස් සපයා ඇති අතර කප්පම් පණිවිඩය අනුව මුදල් ගෙවන්නට නොයන ලෙසත් දන්වා ඇත.
මෙම ගැටලුකාරී තත්වයෙන් පරිගණක මුදවා ගැනීමට මේ වනවිටත් ප්‍රතිවෛරස මෘදුකාංග සමාගම් කටයුතු සම්පාදනය කරමින් සිටී.
පහත පළවන්නේ පසුගිය මාසයේ මෙම වෛරසය හඳුන්වාදෙමින් කීර්ති දයාවංශ පළකළ සිංහල වීඩියෝවකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න
එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න
http://ift.tt/2pJkdv3
https://i.ytimg.com/vi/F3lV2ijNznk/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/wannacry.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/wannacry.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy