සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ.පී.වෙලගෙදරට වහාම දැඩි ආරක්ෂාව සපයන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම...
සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ.පී.වෙලගෙදරට වහාම දැඩි ආරක්ෂාව සපයන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවික හමුදාවට දුන් නියෝග මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
කප්පම් ගැනීම සඳහා තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් මරා දැම්මේ යැයි චෝදනා ලැබ ඇති නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙකුට එරෙහිව විභාග වන නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවා වන්නේ ලුතිනන් කමාන්ඩර් කේ.පී.වෙලගෙදරය. මේ නිසා ඔහුට එල්ලවී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ඔහුට පෞද්ගලික ආරක්ෂාව දෙන ලෙස ජනපතිවරයා මීට පෙර ලිඛිතව නාවික හමුදාවට නියෝග කර තිබුණි.
එහෙත් එම නියෝගය මතෛක් හරි හැටි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරගේ ජීවිත ආරක්ෂාව දැඩි තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වේ.
COMMENTS