තමාට බලයක් ඇත්නම් කැබිනට් මණ්ඩලයේ 6 දෙනෙකු ඉවත් කරන බවත් අමාත්‍යංශ ලේකම්වරු 11 ක් වහාම ඉවත් කරන බවත් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාර...
තමාට බලයක් ඇත්නම් කැබිනට් මණ්ඩලයේ 6 දෙනෙකු ඉවත් කරන බවත් අමාත්‍යංශ ලේකම්වරු 11ක් වහාම ඉවත් කරන බවත් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ යටියන්තොට පැවැති ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ගුණ සමරු උළෙලේ දීය.
එහිදී මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද පැවසීය.
“දවසකට මට දුරකථන ඇමතුම් 10ක් 15ක් එනවා. අහවල් ලේකම් බැසිල්ගේ හිතවතෙක්. අහවල් අතිරේක ලේකම් නාමල් එක්ක බිස්නස් කරපු කෙනෙක්. තාමත් පරණ අයමයි වැඩ කරන්නේ. මේකද යහපාලනේ. මේ වගේ ප්‍රශ්න අහනවා. මම කැමැතියි මට බලයක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලයේ 6 දෙනෙක් අයින් කරනවා. අමාත්‍යංශ ලේකම්වරු 11ක් වහාම ගෙදර යවනවා මට බලයක් තියෙනවානම්“
“දීර්ඝ කාලයකට පසු ශිලාචාර රාජ්‍ය පාලනයක් සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට ඉඳගෙන තියෙනවා. මම ඇතුළු අප සියලු දෙනාට වත්මන් ආණ්ඩුව පිළිබඳ බරපතල විවේචනයක් තියෙනවා.“ යැයි ද විජේසූරිය මහතා පැවසී ය.
COMMENTS