ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ...
ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (2) පැවැසීය.
එබැවින් රජය විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී ඊයේ (2) පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රැළිය ඇරඹීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොළඹ ලිප්ටන් වටරවුම අසල සිට විරෝධතා පෙළ පාලියකින් එළිමහන් රංගපීඨයට පැමිණියහ. මේ හේතුවෙන් පුරහල අසල දැඩි රථවාහන තද බදයක් ඇතිවිය.
COMMENTS