දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමතිවරයෙකුට මසකට ඉන්ධන දීමනාව රු 240,000ක් !
Homeප්‍රවෘත්ති

ඇමතිවරයෙකුට මසකට ඉන්ධන දීමනාව රු 240,000ක් !

PropellerAds

ජ නාධිපති, කැබිනට් මණ්ඩලය, අගමැති මහා කැපකිරීමක් කරන බව ජනතාවට පෙන්නමින් රාජ්‍ය ඇමතිවරුන්ට පවා මහජන මුදලින් ඡන්ද කිරීමට නිවාස වාහන ලබාදෙන බ...

ඖෂධ මිල අඩුකිරීමේ ගැසට් නිවේදනය සිකුරාදා
කොමිෂන් සභා සභාපතිවරු කථානායක හමුවෙයි
සජිත් රැකියා වීඩියෝවට පිළිතුරු දෙයි
නාධිපති, කැබිනට් මණ්ඩලය, අගමැති මහා කැපකිරීමක් කරන බව ජනතාවට පෙන්නමින් රාජ්‍ය ඇමතිවරුන්ට පවා මහජන මුදලින් ඡන්ද කිරීමට නිවාස වාහන ලබාදෙන බවත්, මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව සිදු කරන මෙවැනි ක්‍රියා නතර කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඊයේ (06දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා,

“ආධාර ලබාදීමට සල්ලි නැති බව ආණ්ඩුව කියනවා. විදේශ ආධාර නොලැබුණ බවට තර්ක ගොඩනගනවා. ජනතාවට සහනාධාර දෙන්න ක්‍රම තියෙනවා. ඉන්ධන සහනය එක ක්‍රමයක්. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ නාස්තිකාර වියදම් නැවැත්වීමෙන්. මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් වාහන පාවිච්චි කරනවා. මැතිවරණ කොමසාරිස්වරයා නිශ්චිතවම කියා තිබෙනවා ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් ඇමතිවරුන්ට පමණයි නිල වාහන පාවිච්චි කරන්න හැකි බව.

ඒ අතර මාර්තු 06 වැනිදා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සංදේශයකින් යෝජනා කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, කැබිනට් අමාත්‍යවරු, විපක්‍ෂනායකවරයා රාජ්‍ය අමාත්‍යවරු සහ ඒ හා සමාන තනතුරු දරන තැනැත්තන් විසින් දරනු ලබන වරප්‍රසාදයක් ලෙස රජය විසින් ලබාදී ඇති නිල වාහන හෝ නිල නිවාස දේශපාලන පක්‍ෂයේ අපේක්‍ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරන්නේ නම් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව භාවිතා කිරීම සුදුසු බවට යෝජනා කර තිබෙනවා.

මේක ඉතාම බරපතල ලෙස මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍යවරයාගේ අත්සනින් ඉදිරිපත් කර තිබෙන සංදේශයක්. රාජ්‍ය ඇමතිවරුන්ට මේ වරප්‍රසාද හිමිකරදී තිබෙනවා. එක ඇමතිවරයෙක් වෙනුවෙන් මාසකට රු.240,000ක් ඉන්ධන දීමනාවක් ලබාදෙනවා.

මේ මුදලින් පවුල් 48කට රු.5,000 දීමනාව දෙන්න පුළුවන්. ඇමතිවරුන්ට වාහන 7ක් 8ක් තිබෙනවා. ජනතාවට සහනාධාර දෙන්නේ ඇඟෙන් ඇටයක් ගලවලා ගන්නවා වගේ. නමුත් තමන්ගේ පක්ෂයේ අයට මැතිවරණය වෙනුවෙන් නීති උල්ලංඝනය කරමින් මහජනතාවගේ මුදල් වියදම් කරනවා. මෙය වහාම නවත්වන්න පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට අපි අවධාරණය කරනවා.

ජනාධිපති, කැබිනට් මණ්ඩලය, අගමැති මහා කැපකිරීමක් කරන බව ජනතාවට පෙන්නමින් රාජ්‍ය ඇමතිවරුන්ට පවා මහජන මුදලින් ඡන්ද කරන්න නිවාස වාහන ලබාදෙනවා. ජනතාවනිරෝධායනයටයවනකොටත් වෙනස්කොට සලකනවා. කන්දකාඩුවලට, මඩකලපුවට යවන්නේ එක කොටසක් සුපිරි හෝටල්වලට යවන්නේ තවත් කොටසක්.

මේ අතර රාජගිරිය ආයුර්වේදයේ තට්ටු අටක ගොඩනැගිල්ල වෙන පිරිසකට ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. සහන දෙන්නේත් ඇති හැකි, නැති බැරි අය දෙපැත්තට බෙදලා. නිරෝධායනයට යවන්නෙත් සල්ලි තියෙන අයට එක විදිහක්. නැති බැරි කෙනාට තව විදිහකට. ආණ්ඩුව තෝරාගෙන තිබෙන ක්‍රමය නැති බැරි කෙනා මළාට කමක් නැහැ කියන එක බව පැහැදිලියි.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමතිවරයෙකුට මසකට ඉන්ධන දීමනාව රු 240,000ක් !
ඇමතිවරයෙකුට මසකට ඉන්ධන දීමනාව රු 240,000ක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL6K7xW21pe4p8Flv30M6c2GD6pt_sb864bm7Agi5EKoF7qpQXR0lcJ-_f3b-VhVRIjXxQ4z3MEP17DxbgPemyaIrpaT6jk7yP5-Qcj9LQuRW_CkFpvDfpdoaLn_bM5RPFWMKDwOfC4gk/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL6K7xW21pe4p8Flv30M6c2GD6pt_sb864bm7Agi5EKoF7qpQXR0lcJ-_f3b-VhVRIjXxQ4z3MEP17DxbgPemyaIrpaT6jk7yP5-Qcj9LQuRW_CkFpvDfpdoaLn_bM5RPFWMKDwOfC4gk/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/240000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/240000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy