අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල නිවසට ගොස් පැය තුනක් පමණ වේලාවක ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පස...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල නිවසට ගොස් පැය තුනක් පමණ වේලාවක ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු හිටපු ජනපතිවරයා පාලනය කරගත නොහැකි තරම් කෝප වී ඇත්තේ එම පිලේ ප්‍රබලයන් කිසිවකු හෝ එම අවස්ථාවේ නොසිටි නිසා බව අනාවරණය වේ.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රකාශය සටහන් කර ගනු ලැබුවේ, පසුගිය 17 වැනිදා කොළඹ - 07 - විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.
ප්‍රකාශය ලබා දීමෙන් පසු නිවසින් පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ හමුවීමට මාධ්‍ය පැමිණ සිටියද, ඔහුගේ පිලේ කිසිදු ප්‍රධානියෙකු පැමිණ නොසිටි අතර, එස්. එම්. චන්ද්‍රසේන පමණක් හිටපු ජනපතිවරයා සමීපයට පැමිණියේය. එයින් ඇතිවූ කෝපය පාලනය කර ගත නොහැකිව, පෞද්ගලික ලේකම්, උදිත් ලොකුබණ්ඩාරට බැණවැදී ඇත්තේ “මහ මෝඩ යකෙක් මූ...” යනුවෙන් බව වාර්තාවේ.
මහින්ද පිලේ ප්‍රබලයන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, පවිත්‍රා වන්නිආරච්චි වැනි කිසිම කෙනෙකු එම අවස්ථාවට සහභාගි වී නොමැත. පැය තුනක් පමණ වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මන්ත්‍රීවරයා දැඩි පීඩාවකට පත්ව සිටි බවද වීඩියෝ දර්ශනවලින් පැහැදිළි විය. එම ප්‍රශ්න කිරීම්වලට “මතක නෑ...” යන උත්තරය දී තිබේ.
කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක කරූ ජයසූරිය ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබුණි.
මාධ්‍යවේදී කීත් නොයාර් මෙලෙස පැහැර ගෙන ගොස් පහරදී තිබුණේ 2008 වසරේ මැයි 22 වනදාය.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී දෙහිවල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ජීවිතය බේරී නැවත හමුවිය.
COMMENTS