රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...
රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණි.
මීට අමතරව පසුගිය නඩු වාරයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
COMMENTS