ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය ලබාදෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය ලබාදෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය දෙන්නේ නම් එවැනි අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහැකි බවත් එවැනි පුද්ගලයින්ගේ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීධූර අහෝසි කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී නිරීක්ෂණය කරනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව සාක්කි සහිතව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරනවා. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගන්නවා.”
COMMENTS