ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදාගන්නා මෙම ව්‍යාජ ඒකක වැඩි ගණනක සේවය ලබාගන්නේ විපක්ෂයේ තරුණ දේශපාලඥයකු බව මුදල් හා ජනමාධ්‍ය ඇම...
ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදාගන්නා මෙම ව්‍යාජ ඒකක වැඩි ගණනක සේවය ලබාගන්නේ විපක්ෂයේ තරුණ දේශපාලඥයකු බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඇමැති මංගල සමරවීර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ “ජනමාධ්‍ය හා දේශපාලනය” යන මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ මාධ්‍ය වාරණය විසි එක්වැනි සියවසට වලංගු දෙයක් නොවන බව හා වෙබ් අඩවි තහනම් කළද නව තාක්ෂණය යටතේ ප්‍රොක්සි මඟින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති කියවන බවය.
අද නිදහස් ජනමාධ්‍යයට ප්‍රධාන තර්ජනයක් වී ඇත්තේ විශේෂයෙන්ම අන්තර්ජාලය තුළින් බොරු ප්‍රවෘත්ති විකාශ කිරීම බවත් ඒ සඳහා “ට්‍රෝයි” නමින් හඳුන්වනු ලබන මුදල් ගෙවන කණ්ඩායම් යොදාගන්න බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිදරව් කළේය.
සැබෑ මිනිසුන්ගෙන් සැදි ට්‍රෝයි මෙන්ම කිසිදු අයකු නැති බොක්ස් නමින් හදුන්වන එකක්ද මෙම ක්‍රියා සඳහා යොදාගන්නා බවත්, ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදා ගන්නා මෙබඳු ඒකක වැඩි ප්‍රමාණයක හඳුනා ගැනීමේ අංක ඇත්තේ ලිබියාවේ, රුසියාවේ හෝ පැරණි සෝවියට්දේශයට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපීය රටවල බව සමීක්ෂණයකදී හෙළි වූ බව ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිකළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදා ගන්නා මෙම ව්‍යාජ ඒකක වැඩි ගණනක සේවය ලබා ගන්නේ විපක්ෂයේ තරුණ දේශපාලඥයකු බව තමා වගකීමෙන් කියන බවද ජනමාධ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS