තමන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන තමන්ගේ නියෝජ්‍ය අමාත්‍යධුරයද අහෝසි කොට පවත්වන ලද කිසිම පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බව එජාප පාර්ලි...
තමන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන තමන්ගේ නියෝජ්‍ය අමාත්‍යධුරයද අහෝසි කොට පවත්වන ලද කිසිම පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් මහත්මිය ඊයේ (19) සවස යාපනයේදී පැවසුවාය.
යුද්ධයෙන් පීඩාවට පත් යාපනයේ කාන්තාවන් පිරිසක් සදහා ජීවනාධාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසමින් තවදුරටත් කියා ඇත්තේ තමන් වෙණුවෙන් පවත්වන ලද සියළුම පරීක්ෂණ ගැන තමන් කණගාටුවන බවයි.
යාපනයේ පැවති උත්සවයකදී තමන් අතීතයේදී උතුරු පළාත පැවති අන්දමත් ඒ සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය ක්‍රියා කළ අන්දමත් විස්තර කලා මිස රාජ්‍ය විරෝධී යමක් ප්‍රකාශ නොකළ බවද විජයකලා මන්ත්‍රීවරිය මෙහිදී කියා සිටියාය.
තමන් කළ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය ලෙස විකෘති කරමින් ඊට විශාල ප්‍රචාරයක් ලබා දීම නිසා තමන්ට මෙවැනි ඉරණමක් අත් වූ බව පැවසූ මන්ත්‍රීවරිය තමන් උපත ලැබුවේ උතුරේ දෙමළ බිමක බව දකුණේ ජනතාව අමතක කළ නිසාවෙන් මෙවැනි විනාශයක් සිදු වූ බවද කියා සිටියාය.
තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කොට සමාව අයැද සිටියත් අනවශ්‍ය අන්දමට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද්දේ සිංහල බෞද්ධ බලවේග වල බලපෑම නිසා බව පවසන මන්ත්‍රීවරිය උතුරේ ජනතාව තමන්ව විශ්වාස කොට තමන් සමග රැදී සිටීම පිළිබදව විශාල ආඩම්බරයක් හටගෙන ඇතැයිද මෙහිදී කියා සිටියාය.
(දිනසේන රතුගමගේ)
COMMENTS