හි ටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් මලිත් විජේනායකගේ නිවස අද (14) පෙරවරුවේ රහස් පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා ක...
හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් මලිත් විජේනායකගේ නිවස අද (14) පෙරවරුවේ රහස් පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කොට ඔහුගේ ලැප් ටොප් පරිගණකයේ තිබූ දත්ත හා මෘදුකාංග රැසක් රැගෙන ගොස් ඇත.
රහස් පොලිස් නිලධාරින් පැමිණෙන අවස්ථාවේ මලිත් විජේනායක මහතා නිවසෙහි සිට නැති අතර උසාවි නියෝගයක් ඇති බව පවසා පැයකට අධික කාලයක් නිවස පරීක්ෂා කොට ඇත.
මලිත් විජේනායක මහතා මුද්‍රිත සහ වෙබ් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කරයි.
ජනාධිපතිවරණ සමයේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගැනීම, ස්විස් තානාපති කාර්‍යාල නිළධාරිණිය පැහැර ගැනීම පිලිබද හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පැවැත්වීමට අදාල තොරතුරු ලබා ගැනීමට සහ විධායක ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවතින රජයට එරෙහිව ජනතාව තුල වෛරී සහගත ප්‍රකාශ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමසම්බන්ධයෙන් මෙලෙස තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් සෝදිසි කර ඇත. මීට පෙරද මලිත් විජේනායක මහතාට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමට දෙවතාවක් පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔහු පැමිණ නැති බවද වාර්තා වේ.
මොහුට එරෙහිව මීට පෙරද හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමුළුවට ඇමෙරිකාවේ සංචාරයට යන අතරතුර ඔහු සහ ඔහුගේ පවුලේ අයව ඡායාරූප ගත කර මාධ්‍යයට මුදා හැරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගුවන්තොටුපල ප්‍රභූ පර්‍යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.

COMMENTS