සැප්තැම්බර් 5 වෙනිදා "ජන බලය කොළඹට" උද්ගෝෂණය සිදු කිරීමෙන් පසු අගමැතිට, ජනපතිට හා ඇමැති මණ්ඩලයට රට අතහැර යාමට සිදුවන බව පිවිතුරු...
සැප්තැම්බර් 5 වෙනිදා "ජන බලය කොළඹට" උද්ගෝෂණය සිදු කිරීමෙන් පසු අගමැතිට, ජනපතිට හා ඇමැති මණ්ඩලයට රට අතහැර යාමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ පසුගියදා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“5 වෙනිදට ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරනවා. මේ ආණ්ඩුට බොහෝ වෙලාවට ගෙදර යන්ට සිද්ධ වෙනවා. මම ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙවැනි ජන අරගල ඉදිරියේ හොර රසින් රටෙන් පැන යෑම පමනමයි එතරම්ම ආණ්ඩු විරෝධය ජන බලය ප්‍රබලයි කියන එක පස් වෙනිදා රෑ වෙනකොට මේ නායකයන්ට දැනේවි. ඒ නිසා ගුවන් යානා සූදානම් කරල රටෙන් පැන ගන්න, ඒ වගේම මහ මුහුදේ නැව් නතරකරලා ඇමති මණ්ඩලය නැව් වලට ගොඩ වෙලා ඉන්න තත්ත්වයක් උදා වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
COMMENTS