දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති පුත් දහම්ට කොළඹින් සුපිරි කාර්යාලයක් - දහම්ට හිතවත් කණ්ඩායමක් රහසිගතව වැඩ
Homeප්‍රවෘත්ති

ජනපති පුත් දහම්ට කොළඹින් සුපිරි කාර්යාලයක් - දහම්ට හිතවත් කණ්ඩායමක් රහසිගතව වැඩ

PropellerAds

ජනපති පුත් දහම් සිරිසේන සදහා සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ. මේ වන විට දහම් සිරිසේන...

යාපනයේ ආරක්ෂාව හදිසියේම තර කෙරේ - මාර්ග බාධක, සෝදිසි කිරීම් දිගටම (PHOTOS)
"ආවා" කල්ලියේ සාමාජිකයින් පිරිසකට ඉන්දියාවේදී යුද පුහුණුවක්
චම්පිකගේ චන්ඩි පාට් වලට මුහුණ දෙන්න පුත්තලම සුදානම් බව රංගේ කියයි
ජනපති පුත් දහම්ට කොළඹින් සුපිරි කාර්යාලයක් - දහම්ට හිතවත් කණ්ඩායමක් රහසිගතව වැඩ

ජනපති පුත් දහම් සිරිසේන සදහා සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ.

මේ වන විට දහම් සිරිසේන ජනාධිපති කාර්යාලයේ හෝ මහවැලි කේන්ද්‍රයේ හෝ වෙනත් ආයතනයක කිසිම තනතුරක් නොදරන අතර එසේ තිබියදී ඔහු වෙනුවෙන් රජයේ මුදලින් කාර්යාලයක් තනා දීම පුදුම සහගත කරුණක් බව සේවකයින් පවසයි.

මහවැලි කේන්ද්‍රයේ තෙවැනි මහලේ පිහිටා තිබෙන මෙම කාර්යාලය සම්පූර්ණයෙන් නවීකරණය කර තිබෙන අතර ලී බඩු පවා අලුතෙන් මිල දී ගෙන ඇත.

දහම් සිරිසේන මහතාගේ හිතවත් කාර්යමණ්ඩලයක් ද මෙහි සේවයට යොදවා ඇත. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කළේ එම කාර්යාලයෙන් කෙරෙන කටයුතු සියල්ල රහසිගත බවයි.

පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාටද මෙවැනිම කාර්යාලයක් අරලියගහ මන්දිරයේ තිබූ බව යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු හෙළිදරව් කළේය.

එම අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර දහම් සිරිසේන මේවන විට කිසිදු තනතුරක් නොදරන මොහොතක ඔහුද මෙවැනි ජනතා මුදල් අවභාවිතා කිරීම අනුමත කළ නොහැකි බවත් රාජපක්ෂ සමයේ ජනපති පුත්‍රයන් හැසිරුණු ආකාරය විවේචනය කරමින් බලයට පැමිණි ජනාධිපතිවරයෙකු ඔහුගේ පුත්‍රයාටද එවැනිම ආකාරයට හැසිරීමට මග පාදා දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එජාපයේ ප්‍රකාශකයෙකු පැවසී ය.

මෛත්‍රී පුත්‍රයා පෙරට ගැනීම

2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කළ සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක් කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක්කර තිබිණි.

දහම් සිරිසේන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක් කරනු ලැබුණේ කවර පදනමකින්ද යන්නයි බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රශ්න කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරි 08 වෙනි දින ඡන්ද විමසීමට පෙර කලින් පැවති මහින්ද රාජපක්ෂ පාලනය දෝෂ දර්ශනයට ලක් කිරීමේදී භාවිතා කළ එක් දේශපාලන සටන් පාඨයක් වුණේ ‘ඥාති සංග්‍රහයයි’. එම ඥාති සංග්‍රහයට තිත තබන බව ඔහුගේ ප්‍රතිඥාව විය.

බලයට පත් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ සිදු කළ සංචාරයටත් සිය පුතු දහම් සිරිසේන සහභාගී කර ගත්තේය.

දහම් සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සම්බන්ධයෙන් බීබීසීය ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ධර්ම ශ්‍රී ඒකනායක මහතාගෙන් විමසූ විට ඔහු අදහස් පළ කර තිබුණේ දහම් සිරිසේන මේ සංචාරයට හවුල් වෙන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකු හැටියට බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති පුත් දහම්ට කොළඹින් සුපිරි කාර්යාලයක් - දහම්ට හිතවත් කණ්ඩායමක් රහසිගතව වැඩ
ජනපති පුත් දහම්ට කොළඹින් සුපිරි කාර්යාලයක් - දහම්ට හිතවත් කණ්ඩායමක් රහසිගතව වැඩ
http://am.lk/media/k2/items/cache/90e66e2262374efc01417a7a9676a324_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_203.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_203.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy