යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කොට තිබේ. ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයෝ මහ දවල් කඩු රැගෙන යාපනයේ මාර්ග වල ගමන් කොට ඔවු...
යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කොට තිබේ.
''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයෝ මහ දවල් කඩු රැගෙන යාපනයේ මාර්ග වල ගමන් කොට ඔවුන්ට අවශ්‍ය ස්ථාන වලදී රත්තරන් ඇතුළු දේ මංකොල්ල කෑමට පටන් ගැනීමත් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට පහර එල්ල කිරීමටත් පටන් ගැනීමත් සමගම යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පටන් ගෙන තිබේ.
මේ පිළිබදව අදහස් දක්වන උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා කියා සිටින්නේ මිනිසුන්ගේ සාමයට තර්ජනයක් වන කල්ලි අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු නමුත් ඉන් සාමාන්‍ය වැසියන්ට කරදරයක් නොවිය යුතු බවයි.
යාපනයේ ජනතාව ''ආවා ගෲප් කල්ලිය''ඇතුළු කල්ලි වලට බියේ ජීවත් වන අතරතුර පොලීසිය ද මහමග යන පිරිස් හා ඔවුන්ගේ බඩුබාහිරාදියද පරීක්ෂා කරමින් හැදුණුම්පත් පරීක්ෂා කරමින් කටයුතු කිරීම නිසා යළිත් වරක් යුද සමයේදී යාපනය නගරයේ පැවති වාතාවරණය යාපනයට පැමිණ ඇති බවයි.
මේ තත්ත්වය තවත් ඉදිරියටත් ගමන් කළ හොත් දැනට කදවුරු වල සිටින හමුදා සේනාංකද මහපාරට බැස ජනතාව අනවශ්‍ය අන්දමට පරීක්ෂා කිරීම ආරම්භ කළ හැකි බැවින් යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය මීට වඩා වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීම වඩා වැදගත් බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS