යාපනයේ ක්‍රියාත්මක ''ආවා කල්ලියේ '' සාමාජිකයින් පිරිසකට මේ දිනවල ඉන්දියාවේදී යුද පුහුණුවක් ලබා දෙන බවට තොරතුරු වාර්තා වෙයි...
යාපනයේ ක්‍රියාත්මක ''ආවා කල්ලියේ '' සාමාජිකයින් පිරිසකට මේ දිනවල ඉන්දියාවේදී යුද පුහුණුවක් ලබා දෙන බවට තොරතුරු වාර්තා වෙයි.
ඔවුන් මේ අන්දමට යුද පුහුණුව ලබන්නේ ඉන්දියාවේ පෞද්ගලික ආයතනයකට මුදල් ලබා දීමෙන් බවටද තොරතුරු වාර්තා වෙයි.
එම ආයතන වලට මුදල් ගෙවීමට අවශ්‍ය නිසා ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයෝ ලවා යාපනයේ මංකොල්ලකෑම් සිදු කරණ බවට තොරතුරු හෙළිවන අතර දැනට ඉන්දියාවේ යුද පුහුණුව ලබන පිරිස 12 දෙනෙකු පමණ වන බවටද තොරතුරු හෙළි වෙයි.
හදිසියේම ''ආවා කල්ලියේ'' පිරිස යුද පුහුණුවක් ලබන්නේ මන්ද යන්න ආරක්ෂක අංශ වලටද විශාල සැකයක් වී තිබේ.
මේ දක්වාම යාපනයේ ක්‍රියාත්මක මෙම කල්ලිය කිසිදු පුද්ගලයෙකු මරාදමා නොමැති අතර ඔවුන් ස්වයංක්‍රීය ගිණි අවි භාවිත කළ බවටද තොරතුරු හෙළි වී නොමැත.
නමුත් ඉන්දියාවේ යුද පුහුණුවක් ලැබීමෙන් පසුව ඔවුන් කුමන අන්දමකින් හැසිරෙයිද යන්න පිළිබදව ආරක්ෂක අංශ වලට විශාල සැකයක් පහල වී තිබේ.
COMMENTS