දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"විග්නේශ්වරන් ඉල්ලීමක් කළොත් මම අයින් වෙන්න සූදානම්" - ආනන්දි සෂිදරන්
Homeප්‍රවෘත්ති

"විග්නේශ්වරන් ඉල්ලීමක් කළොත් මම අයින් වෙන්න සූදානම්" - ආනන්දි සෂිදරන්

PropellerAds

උතුරු පළාත් සභා අමාත්‍යධූරය සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුව හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා ඉල්ලීමක් කළහොත් තමන්...

කාලතුවක්කු ගෙන්නලා, පෙරහුරුත් කරලා. සරල බව පෙන්නද්දි වියදම් ගිහින් ඉවරයි - රංගේ
මගේ ෆස්ට් ලව් එක ශ්‍රීලනිපයයි... ඒක වැටෙන්න දෙන්න එපා - මහින්ද
තෙවන ලෝක යුද්ධය අත ළඟ ? ඇමරිකාවෙන් සහතිකවම පළිගන්නා බව ඉරානය කියයි

උතුරු පළාත් සභා අමාත්‍යධූරය සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුව හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා ඉල්ලීමක් කළහොත් තමන් දරන උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව ආනන්දි සෂිදරන් මහත්මිය පවසයි.

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව පිළිබදව පැන නැගී ඇති ගැටළුව පිළිබදව මාධ්‍යවේදීන් අමාත්‍යවරියගෙන් කරුණු විමසූ අවස්ථාවේදී අමාත්‍යවරිය එසේ කියා සිටියාය.

සෂිදරන් මහත්මිය පැවසූවේ විග්නේශ්වරන් මහතාගේ තීරණයක් අභියෝගයට ලක් කරමින් උතුරු පළාත් හිටපු ධීවර,ප්‍රවාහන හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනුකළ නඩුවක් මඟින් විග්නේශ්වරන් මහතාගේ ක්‍රියාව අත්හිටුවා ඇති අවස්ථාවක පළාත් සභාවේ අමාත්‍යධූර සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බවයි.

පළාත් සභාවේ අමාත්‍යධූර පහක් පැවතිය යුතු අතර, අභියාචනාධිකරණ තීරණය හමුවේ හිටපු අමාත්‍ය ‍ඩෙනිශ්වරන් මහතාගේ අමාත්‍යධුරය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබිම හමුවේ පළාතේ අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි වි ඇති බවයි.

අදාළ ගැටළුව හමුවේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අපහසුතාවයට පත්ව ඇති අතර, පළාත් සභාවේ අමාත්‍යධූර සංඛ්‍යාව අඩු කිරීමට විග්නේශ්වරන් මහතා තීරණය කරමින් තමන්ට ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම් කළහොත් තමන් දරන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට කැමති බවද සෂිදරන් මහත්මිය පැවසුවාය.

විග්නේශ්වරන් මහතාගේ ප්‍රධාන අමාත්‍යධූරය ඉවත් කිරීමට පළාත් සභාව වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වු අවස්ථාවේ ආනන්දි සෂිදරන් මහත්මිය විග්නේශ්වරන් මහතා‍ගේ ධූරය රැක ගැනීම වෙනුවෙන් ‍ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ තීරණයටද විරුද්ධ විය.

පළාත් සභාවේ අමාත්‍යවරුන් වෙත එල්ල වු චෝදනා හමුවේ විග්නේශ්වරන් මහතාගේ තීරණය හමුවේ පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා, පළාත් සභාව් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පි.සත්යවලිංගම් මහතා ඇතුළු පිරිසකගේ අමාත්‍යධූර ඉවත් කිරීමට විග්නේශ්වරන් මහතා පසුගිය සමයේ කටයුතු කළ අතර, අදාළ අමාත්‍ය ධූරයන් ඉවත් කිරීමට එරෙහිව පි.ඩෙනිශ්වරන් මහතා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විග්නේශ්වරන් මහතාගේ තීරණය අත්හිටුවීමට නියෝග කරනු ලැබීය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විග්නේශ්වරන් ඉල්ලීමක් කළොත් මම අයින් වෙන්න සූදානම්" - ආනන්දි සෂිදරන්
"විග්නේශ්වරන් ඉල්ලීමක් කළොත් මම අයින් වෙන්න සූදානම්" - ආනන්දි සෂිදරන්
http://am.lk/media/k2/items/cache/4a934bc96fc5f2ec09cc010a9a4e5b90_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_202.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_202.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy