දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙවන ලෝක යුද්ධය අත ළඟ ? ඇමරිකාවෙන් සහතිකවම පළිගන්නා බව ඉරානය කියයි
Homeප්‍රවෘත්ති

තෙවන ලෝක යුද්ධය අත ළඟ ? ඇමරිකාවෙන් සහතිකවම පළිගන්නා බව ඉරානය කියයි

PropellerAds

ඉ රාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මියගිය බව අමෙරිකාව පව...

මගේ ජාත්‍යන්තර සබඳතාවලින් ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව සොයාගත්තා.. සති දෙකක් ඇතුලත ජනතාවට දෙනවා..- රෝසි
කොරෝනා මර්දනයට ලැබුණු රුපියල් කෝටි 900 කෝ ?
මන්ත්‍රී වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන්නැයි යෝජනාවක්
රාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මියගිය බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාගේ උපදෙස් පරිදි ජනරාල්වරයා ඉලක්ක කර ගනිමින් පහරදීමක් කළ බවය.
ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයේ නායක අබු මහ්දී අල් මුහන්දිස් මහතා ඇතුළු තවත් හමුදා නිලධාරීන් කිහිපදෙනකු ප‍්‍රහාරයෙන් මියගිය බව වාර්තා වේ.

ඉරාන හමුදාව හැඳින්වෙන්නේ ‘ඉරාන විප්ලවීය හමුදාව’ යනුවෙනි. ‘කුද්ස්’ යනු ඉරාන හමුදාවේ විශේෂ හමුදා බළඇණියකි. ඉරානයෙන් පිට විදේශගතව හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ මෙම ‘කුද්ස්’ බළඇණියයි.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් නායකත්වය ලබා දුන්න ද, ‘කුද්ස්’ බළඇණිය කි‍්‍රයාත්මක වන්නේ ඉරාන උත්තරීතර නායක අල් කොමේනීගේ අණ පරිදිය. 2007 වසර වෙද්දී, ‘කුද්ස්’ බළඇණිය සෙබළුන් 15,000 කින් සමන්විත විය.

‘කුද්ස්’ බළඇණිය නිර්මාණය වී ඇත්තේ 1980 සිට 88 තෙක් පැවැති ඉරාක ඉරාන යුද සමයේදීය. ඉරාක ඉරාන යුද සමයේදී ‘කුද්ස්’ බළඇණියේ සහාය හිමිවූයේ ඉරාකයේ සදාම් හුසේන්ට එරෙහිව සටන් වැදුණු කුර්දි සටන්කාමීන්ටය.

ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් ඉරාන විදේශ ඇමැති ජවාද් සරීෆ් මහතා පවසා ඇත්තේ අමෙරිකාව ලොකු මෝඩකමක් කර ඇති බවය.

මේ අතර ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි.

ඉරාන හමුදා ප්‍රධානී, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ඒ මහතා ඉරාන ආණ්ඩුවේ නිල වෙබ් අඩවියට මෙසේ පවසා තිබේ.

අපරාධකරුවකු වන ඇමෙරිකාව සිය හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙන්, ඉරානයේ හදවත කම්පාවට පත් කළ බවද ජනපති සඳහන් කරයි.

එසේම එම ප්‍රහාරය, ඇමෙරිකාවේ දාමරිකත්වයට එරෙහිව නැගී සිටීමට සහ ඉස්ලාම් වටිනාකම් ආරක්ෂා කරගැනීමට ඉරානය ගෙන තිබූ අධිෂ්ඨානය දෙගුණයකින් වර්ධනය කළ බවද, ජනපතිවරයා පවසා ඇත.


මේ නීච සහ බියසුලු නාටකය, ඇමෙරිකාවේ බලාපොරොත්තු සුන්වීම ගැනත් එම කලාපයේ දුර්වලතාව ගැනත් තවත් නිදසුනක් පමණක් බවද ඉරාන ජනපති වැඩිදුරටත් සඳහන් කරයි.

 ඇමෙරිකානු ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළෙඳපොළවල් රැසක් ද පහළ ගොස් ඇත.

ලන්ඩනයේ ප්‍රධානතම දර්ශකයක් වන ‘එෆ්.ටී.එස්.ඊ. 100’ දර්ශකය 0.3% කින් ඒකක 7,578.79 ක් දක්වා පහත වැටි තිබේ

යුරෝපා කලාපයේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ඩී.ඒ.එක්ස් 30 දර්ශකය 0.9% කින් ඒකක 13,267.38ක් දක්වා පහත වැටුණු අතර පැරිසියේ සී.ඒ.සී. 40 දර්ශකය  0.6% කින් ඒකක 6,014.18ක් දක්වා පහළ ගොස් ඇත.

අලුත් අවුරුදු උදාවත් සමඟ ලොව කොටස් වෙළෙඳපොළවල් රැසක් වර්ධනයක් පෙන්නුම් කළ නමුත් ඇමෙරිකාවේ ප්‍රහාරයෙන් ඉරානයේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඒ සියල්ල අනෙක් පස හැරි තබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙවන ලෝක යුද්ධය අත ළඟ ? ඇමරිකාවෙන් සහතිකවම පළිගන්නා බව ඉරානය කියයි
තෙවන ලෝක යුද්ධය අත ළඟ ? ඇමරිකාවෙන් සහතිකවම පළිගන්නා බව ඉරානය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN24RrnD2bNd9RVZsJDR0V1omynURZsEBojsvCB07lp1-1Q4aCKRuZkb1OZMVZ9bNOZAkEIJRG_hSLUsniinaxISUd_1SwGm5skw61Zrjs51tkeQenfH-UoNq6hdT0mSmsCNbAAu9i6grv/s320/8cc5ee5c60d04fbae26e2a79336eb048db3915c2.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN24RrnD2bNd9RVZsJDR0V1omynURZsEBojsvCB07lp1-1Q4aCKRuZkb1OZMVZ9bNOZAkEIJRG_hSLUsniinaxISUd_1SwGm5skw61Zrjs51tkeQenfH-UoNq6hdT0mSmsCNbAAu9i6grv/s72-c/8cc5ee5c60d04fbae26e2a79336eb048db3915c2.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy