පසුගිය රෙජීම සමයේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නි...
පසුගිය රෙජීම සමයේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ආරම්භ කළ, මේ වන විට අවසානයට ළංවෙමින් තිබෙන විමර්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසය.
ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර තිබෙන විමර්ශන කොමිසම හමුවේ දී පවා මෙම පුද්ගලයාගේ නාමය මතුව තිබෙන අතර, එක්රැස් කරගත් රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක වටිනාකමින් යුතු විදෙස් මුදල්, විදෙස් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.
මෙම පුද්ගලයා එම මුදල උපයාගෙන තිබෙන ආකාරය හෝ බැංකු ගිණුම තිබෙන රට හෙළි කිරීම හෝ පිළිබඳ අදහස් දැක්වීමෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයෝ වැළකී සිටියහ.
එසේවුව ද, සිදුව තිබෙන ව්‍යාපාර ගනුදෙනු කිහිපයකදීම එක් පාර්ශවයක් සමඟ එම ගනුදෙනුවල යෙදීමට මොහු වැඩි කැමැත්තක් දක්වා තිබෙන බව අනාවරණය කරගැනීමට හැකිවිය. ලබාදුන් සහාය වෙනුවෙන් ගනුදෙනු සඳහා හවුල්ව සිටි පාර්ශවයන් ඔහු වෙත විදෙස් මුදලින් ගෙවීම් කර ඇත.
මෙම ගනුදෙනු පිළිබඳ දැනුම්වත් ආරංචි මාර්ගයන් සඳහන් කරන ආකාරයට මෙසේ මුදල් ගෙවීම සිදුකර ඇති සමාගම මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, බැංකුවේ මුදල් තැන්පත් කර ඇති බවට සාක්කි ද සොයා ගැනීමට හැකිව තිබේ. මෙම ඉහළ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම විමර්ශනය කි‍්‍රයාත්මක වන්නේ ශී‍්‍ර ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් වන විමර්ශන කොමිසම, ඒ අරබයා කි‍්‍රයාත්මක කරන විමර්ශන වලින් ස්වාධීනවය.
(සන්ඬේ ටයිම්ස්)
COMMENTS