දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන්නු තිදෙනෙකුගේ කෝටි 95ක් පෞද්ගලික බැංකුවක.
Homeගොසිප්

චීන්නු තිදෙනෙකුගේ කෝටි 95ක් පෞද්ගලික බැංකුවක.

PropellerAds

චීන ජාතිකයන් තිදෙනෙකු විසින් පෑන් ඒෂියා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමක රුපියල් කෝටි 95කට අධික මුදලක් සැකසහිත ලෙස තැන්පත් කර ඇතැයි පොලිස් මූල්...

මැතිවරණය කල්යන කතා බොරු : පාර්ලිමේන්තුව කැඳවීම වළක්වන මෙහෙයුමක්.
ශ්‍රීලනිප ආණ්ඩුවක් : ඒකාබද්ධයේ කැමැත්ත : අගමැති මහින්ද.
මහේල, අකිල ධනංජය මිලට ගනියි : දුෂ්මන්ත චමීරත් අලෙවි වෙයි.
චීන ජාතිකයන් තිදෙනෙකු විසින් පෑන් ඒෂියා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමක රුපියල් කෝටි 95කට අධික මුදලක් සැකසහිත ලෙස තැන්පත් කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (20) කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ප්‍රගතිය දැනුම් දෙන ලෙසත්, එතෙක් නඩුව බහා තබන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත.

ඩයන් ෂෑන්ග් නම් චීන ජාතිකයා පෑන් ඒෂියා බැංකුවේ රුපියල් කෝටි 36ට අධික මුදලකුත්, බින්ග් ෂෑන්ග් නම් චීන ජාතිකයා රුපියල් කෝටි 20කට අධික මුදලකුත්, වෙන්ඩි ලියු නමැති චීන ජාතිකයා රුපියල් කෝටි 39කට අධික මුදලකුත් මෙසේ තැන්පත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ ගිණුම පවත්වාගෙන යන චීන ජාතිකයන් තිදෙනා පිළිවෙළින් කරණවෑමියකු, භාෂා පරිවර්තකයකු සහ සමාගම් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන බව බැංකුවට දැනුම් දී ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට පවසා ඇත.

පෑන් ඒෂියා බැංකුවේ සහකාර කළමනාකාර මිලින්ද බණ්ඩාර දසනායක මහතා ප්‍රයිවට් බෑන්කින් අංශයේ මේ ගිණුම් 2018 ජනවාරි 03 දින ආරම්භ කර ඇති බවට 2018 මාර්තු 09 දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත. ජේ.ඩී.ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන ලියු ජින් නමැත්තා විසින් වෙන්ඩි ලියු නම් චීන ජාතිකයා බැංකුවට හඳුන්වා දුන් බවත්, අවුන්ඩි ලියු නම් තැනැත්තා අනෙක් දෙදෙනා හඳුන්වා දුන් බවත් සහකාර කළමනාකාරවරයා පවසා තිබේ. මේ පුද්ගලයන් මුදල් තැන්පත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමේදී මැණික් ව්‍යාපාරයකින් ලැබෙන මුදලකින් එම මුදල් ලැබෙන බව බැංකුවට පවසා තිබේ.

මේ චීන ජාතිකයන් තිදෙනා ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටින බවද අනාවරණය වී ඇත. ගිණුම් සම්බන්ධයෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශන ආරම්භ කර ඇත.

(resa.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන්නු තිදෙනෙකුගේ කෝටි 95ක් පෞද්ගලික බැංකුවක.
චීන්නු තිදෙනෙකුගේ කෝටි 95ක් පෞද්ගලික බැංකුවක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhho4647n7Fo1f1g4RTU3tVCF1SqR5YFxJysNAnZE7a8xcfzPkXktQuX7Bzit1YLcdDysimgYGicBffQ8sNc4yFncPrMiEbwH7pZNGdyY4Tn4nOduRjO0O6EdfDTQqBUsVQPYNnLPQOVSM/s1600/DSC05808.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhho4647n7Fo1f1g4RTU3tVCF1SqR5YFxJysNAnZE7a8xcfzPkXktQuX7Bzit1YLcdDysimgYGicBffQ8sNc4yFncPrMiEbwH7pZNGdyY4Tn4nOduRjO0O6EdfDTQqBUsVQPYNnLPQOVSM/s72-c/DSC05808.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy