දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිට එරෙහි විශ්වාසභංගයට UNP , SLFP අත්සන් : මහින්දගේ නෑ.
Homeගොසිප්

අගමැතිට එරෙහි විශ්වාසභංගයට UNP , SLFP අත්සන් : මහින්දගේ නෑ.

PropellerAds

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේදී යහපාලන ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්...

Mahinda Rajapaksa’s China Tour 2016
මහඇමති පේෂලගේ ජිප් රථය ත්‍රීවිල් එකක් හප්පා පුද්ගලයෙකු මරුට
හෂාන් හා උපුල් චන්දන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සහායට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේදී යහපාලන ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම සම්බන්ධවද  ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම අදහස් දෙකක සිටින බවද වාර්තා වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 04හිදී ඊයේ (20දා) රැස් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සිටි ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ, නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් කීපදෙනෙකු හෝ අත්සන් කළ යුතු බවයි.

මෙම මන්ත්‍රීවරුන් පිරිස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට පෙන්වා දී ඇත්තේ එසේ නොවුණොත් විශ්වාසභංග යෝජනාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යනු ඇති බවයි.

ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු මෙම රැස්වීමට සහභාගි වූ ඉතිරි මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ විශ්වාසභංගය බාරදීමේදී එ.ජා.ප.යේ හා ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන්ගේ අත්සන් අත්‍යවශ්‍ය  නොවන බවයි. එමෙන්ම පක්‍ෂ දෙකෙහි මැති ඇමතිවරුන් විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමේදී ගැටලු මතුවිය හැකි බැවින් ඔවුන්ගේ අත්සන් අනිවාර්යය නොවන බවත්, විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ලක්කිරීමේදී ඔවුන්ගේ සහාය ලබා ගැනීම ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කර ඇත්තේ අත්සන් ලබාගත හැකි ශ්‍රීලනිපයේ හා එජාපයේ මන්ත්‍රීන් 06 දෙනෙකුගෙන් අත්සන් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට බාරදිය යුතු  බවයි.

අගමැතිට එරෙහි විශ්වාසභංගයට මහින්ද අත්සන් නොකරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොමැත.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් 52දෙනෙ කු ඊයේ(20දා) වන විට අත්සන් යොදා තිබුණි.මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අත්‍යවශ්‍ය නොවන බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව විදේශ ගතව  සිටින මන්ත්‍රී රොෂාන් රණසිංහ පමණක් එයට අත්සන් කර නොමැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිට එරෙහි විශ්වාසභංගයට UNP , SLFP අත්සන් : මහින්දගේ නෑ.
අගමැතිට එරෙහි විශ්වාසභංගයට UNP , SLFP අත්සන් : මහින්දගේ නෑ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6O9gP1SsLmNx9XI6q80dMR4CWjLUbF7XuISu8nPCZyYxu_fRv1yPRlAJoGAH5SVz48gMFVYEXBI5Md8E36ULJ9phPy_fmP4OftNmDjjgCGVvkI5tPja_SE8l7VZw6Eh3CvVRQmaHzmZk/s1600/ranil-wickramasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6O9gP1SsLmNx9XI6q80dMR4CWjLUbF7XuISu8nPCZyYxu_fRv1yPRlAJoGAH5SVz48gMFVYEXBI5Md8E36ULJ9phPy_fmP4OftNmDjjgCGVvkI5tPja_SE8l7VZw6Eh3CvVRQmaHzmZk/s72-c/ranil-wickramasinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/unp-slfp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/unp-slfp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy