තමන් වැඩ කරන මිනිහෙක් බවත් තමන් දේශපාලනයට උවමනා බව සියළු දේශපාලඥයන් දන්නේ යැයි ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි. ජනාධිපති ම...
තමන් වැඩ කරන මිනිහෙක් බවත් තමන් දේශපාලනයට උවමනා බව සියළු දේශපාලඥයන් දන්නේ යැයි ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාත් මෑතකදී තම පිටටද තට්ටු කලක බවත් ඔහු සදහන් කරයි.
උත්සව සභාවක් අමතමින් මහ ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
"“ගන්න දේට ණය නැතුව, ගන්න පඩියට ණය නැතිව මම මේ පළාතට වැඩ කරනවා. වැඩ කරලා තියෙනවා. දැන් මන් දැක්කා ඊයේ පෙරේදා ඇම්බියුලන්ස් වගයක් ඇවිල්ලා පෝස්ටර්, කටවුට් ඇම්බියුලන්ස් වලට වැඩිය පොස්ට්ර්, කටවුට්. මම හදපු රථ ගාල උඩ ඇම්බියුලන්ස් ටිකක් නතර කරලා. කමක් නැහැ මට හරි සතුටුයි. ජනාධිපතිතුමා ලියලා තිබුණේ වැඩ 180නේ. ලබන අවුරුද්දේ යනකොට 16 වෙනිදට වැඩ දෙදහක් ලියලා පෙන්නලා පොත පෙන්නලා යන්නම. ඒ 2000ම ගිහිල්ලා බලන්න පුලුවන්. වැඩ කරපු 2000. මට ඊයේ ජනාධිපතිතුමා කන ගමනුත් පිටට තට්ටුවක් දැම්මා. එහෙම තමයි ආදරෙයි. වැඩ කරන මිනිස්සුන්ට ආදරෙයි. එදා මම ගියා හිටපු ජනාධිපතිතුමාගේ මල්ලිගේ මළ ගෙදර. මාධ්‍යයේ වැඩියෙන්ම පෙන්නුවේ මාව. පිටට තට්ටු කරනවා හොදටම පෙන්නන්නේ මම ගැන. එහෙම තියෙනවා. ඒ හිතවත්කම. අපි ගැන ලංකාවේම දේශපාලඥයින් දන්නවා. මේ මිනිහා වැඩ කරන මිනිහෙක්. මේ මනුස්සයා දේශපාලනයට අවශ්‍යයි කියලා ලංකාවේ මිනිස්සු දන්නවා.”
එම වීඩියෝව පහතින්,
COMMENTS