ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(22) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඉදිරි ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(22) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඉදිරි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි ඉක්මන් ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙස අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
මහින්දත් ඒකාබද්ධය රැස්කරයි
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ හදිසි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
COMMENTS