ඉතාම සංවිධානාත්මක ලෙස රට පුරා ගොඩනැගී ඇති ජාතිවාදි නැත්නම් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලවල් ගණනාවක් ගැන දැන ගන්නට ලැබී ඇති බවත් ඒවා පිටුපස දේශපා...
ඉතාම සංවිධානාත්මක ලෙස රට පුරා ගොඩනැගී ඇති ජාතිවාදි නැත්නම් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලවල් ගණනාවක් ගැන දැන ගන්නට ලැබී ඇති බවත් ඒවා පිටුපස දේශපාලන හස්තයන් සිටින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
කිසිවකු හෝ සිංහලයාව භීතියට පත්කරන්න පැමිණෙනවා නම් එය ඔවුන් කරගන්නා බරපතළ වරදක් බවත් කිසිවකුගේ තක්‌කඩිකම්වලට සිංහලයා බිය නොවන බවත් උන්වහන්සේ පැවසූහ.
රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික කමිටුවක් කැඳවන ලෙස ද බොදුබල සේනා සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
ඒ හිමියෝ ඊයේ (21) එම අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.
‘‘ඉතාම සංවිධානාත්මක ලෙස රට පුරා ගොඩනැගී ඇති ජාතිවාදි නැත්නම් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලවල් ගණනාවක් ගැන අපට දැන ගන්නට ලැබිලා තියෙනවා. ඒවා පිටුපස ඉන්න දේශපාලන හස්තයන් පිළිබදත් යම් අවබෝධයක් අපි ලබාගෙන තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අපි දන්නාවූ සත්‍ය තොරතුරුල රට පුරාම සිදු වෙමින් තිබෙන මේ සැහැසිකම් විවෘතව සාකච්ඡා කිරීම සදහා කමිටුවක් පත් කරන්න කියලා අපි යෝජනා කරනවා ආණ්ඩුවට. තර්ඩ් ක්ලාස් දේශපාලනයක යෙදෙන බහුතරයක් ඉන්න රටකයි අපි මේ අරගලය කරන්නේ. සාකච්ඡා එමටයි සංවාද, අර පුරවැසිබලය තක්කඩියොයි, එන්.ජී.ඕ බත්බැලයොයි, මහදැන මුත්තොයි, මහ රොත්තක් ඉන්නවානේ මේකේ. ඒ නිසා මේ සාකච්ඡා කරන්න පුළුවන් දැන උගත් රාජ්‍යතාන්ත්‍රික භාවයක් ඇති සර්ව පාක්ෂික කමිටුවක් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපිට පුළුවනි අපි සතුව තියෙන තොරතුරු සාක්ෂි සාධක සහිතව දෙන්න උඹලා දැන් වැඩපිළිවෙළක් හදපල්ලා කියන්න.“
“ප්‍රචණ්‌ඩත්වය හෝ ගැටුම් ප්‍රශ්න නිරාකරණයට මාර්ගයක් නෙමෙයි නමුත් සිංහලයන්ට නිරපරාදේ ගුටි කන්න, බැනුම් අහන්න, අපකීර්තියට ලක්‌වෙන්න සහ හිරේ යන්න බැහැ. පසුගියදා වූ ගිංතොට සිදුවීම ඇතැම් අය දේශපාලන වාසි වෙනුවෙන් භාවිත කරන්න උත්සාහ කළා. අපි ඒ ප්‍රදේශයට ගියා. එහි තත්ත්වය හොඳ නැති බව අපි දැක්‌කා. නමුත් අපි එය ගැටුමකට යන්න නොදී බේරාගත්තා. ප්‍රශ්නවලින් ප්‍රශ්න විසඳා ගන්න නොහැකි නිසා අපි එහෙම කටයුතු කළත් කිවයුතු දෙයක් තිබෙනවා. මේ විදිහට යන විට මුස්‌ලිම් පිරිස් වැඩි ප්‍රදේශවල රිය අනතුරක්‌වත් සිදුවන්න බැහැ. මාලිගාවත්ත, අකුරණ, ගම්පොල, දර්ගා නගරය, ගිංතොට ප්‍රදේශ හරියට මුස්‌ලිම් ජනතාවගේ අධිආරක්‍ෂිත කලාප වගේ. ඒ ප්‍රදේශවල මිනිස්‌සුන්ට පාරේ යන්න බැරිවෙලා.
ගිංතොට මුස්‌ලිම් වෙළෙඳසල් අසල "නෝ පාර්කින්" කියා ඔවුන් විසින්ම පුවරු ගසා තිබෙනවා. ඒ වගේම පල්ලි අසල නිශ්ශබ්ද වෙනු කියා පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇත්තටම මේවට අවසර දුන්නේ කවුද? ඔවුන්ට ඕන ඕන ලෙස මේ රටේ නීති වෙනස් කරන්න පුළුවන්ද? මාධ්‍යවල පළ නොවුණට ගිංතොට සිදුවීම් වගේ සිදුවීම් බොහෝ තැන්වල සිදුවෙනවා. අපි මේ ගැන අවධානයෙන් සිටියත් නිතර නිතර මාධ්‍යයට නොකියන්නේ තව තවත් ප්‍රශ්න දාගන්න බැරි නිසයි. පාලකයෝ මේ ගැන බලන්න ඕනෑ. අපි මෛත්‍රීගෙන්, රනිල්ගෙන් කුට්‌ටියක් අරන් නිහඬවෙලා කියලා සමහරු අපට චෝදනා කරනවා. නමුත් පාලකයෝ කරන්න ඕන දේවල් හැම දේම අපට කරන්න බැහැ. මේ පාලකයෝ අපට ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.
අපි එක දෙයක් මුස්‌ලිම් ප්‍රජාවට කිව යුතුයි. මෙය රට ගැන කැක්‌කුමක් ඇති සිංහල ජාතිය සමඟ සාමයෙන් සමගියෙන් සිටින මුස්‌ලිම් ජනතාවට අදාළ නැහැ. ඔබ අපිව භීතියට පත් කරන්න හදනවා නම් එය ඔබලා කරගන්නා ලොකු වරදක් බව පැහැදිලිව කිව යුතුයි. මොකද අපි කිසිවකුගේ තක්‌කඩිකම්වලට බිය පිරිසක් නොවෙයි. ගිංතොට සිදුවීමේදී වජිර, මනූෂ ඇමැතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් ලොකු කැපකිරීමක් කළ බව සිහිපත් කළ යුතුයි. කොළඹින් ගිය මෘග්ද තක්‌කඩි එම ප්‍රදේශයේ ගිනිජාලාවක් කරන්න හදද්දි ඔවුන් ප්‍රදේශයේ සාමය සඳහා ලොකු කැපකිරීමක් කළා. මේ ගැන මම කතා කරන්නේ නැවත ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි. ඇත්ත ජනතාව දැනගත යුතුයි.
යහපාලනයේ හරි නිර්වචනය කුමක්‌දැයි කියා රජය පැවසිය යුතුයි. සිංහලයා ඕනෑම තක්‌කඩියකුගෙන් ගුටි කෑම යහපාලනයේ නිර්වචනය ද කියා අප රජයෙන් විමසනවා.“ යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
COMMENTS