බු දුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් අද ...
බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් අද දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය. පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් අතින් එදා වූයේ වැරදක් බවයි.
2013 වසරේ දී ඇතැම් සිංහල අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් ජන සමාජයට සහ ඉස්ලාම් ආගමට විරුද්ධව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙන අවස්ථාවක දී තමන් අතින් එවන් දෙයක් කියවුන බවද ඔහු සඳහන් කළේය.
තමන් තිබූ ඉක්මනින්ම නිවැරදි කළ බවත් තමන් ප‍්‍රසිද්ධියේ තමන් සමාව අයැද සිටි බවත් ඔහු පැවසීය.
තමා එදින ප්‍රකාශ කරන ලද්දේ උපාසිකාවගේ කලවා මාංශය ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුභව කිරීමක් බුදුන් වහන්සේ කිරීමක් සේ වැරදි ආකාරයෙන් තේරුම් ගත් නිසා බවත් මහ ලේකම්වරයා කීය.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ බුදුරජාණන් වහන්සේ අතන මෙතන ගොස් නොදැනුවත්ව හෝ ගොන් වැඩ නොකරන උත්තමයෙකු බවයි.
ඒ නිසා මෙවන් ප්‍රකාශ කිරීමට පෙර තමන් තවදුරටත් අධ්‍යනය කර විශ්වාසයක් ඇතිව සිදු කරන ලෙසත් සේ විශ්වාසනීයත්වය ඇති වන තෙක් දේශනා කිරීම නවත්වන ලෙසත් ඔහු කියා සිටියේය.

COMMENTS